අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉවතලන ප්‍රතිදීප්ත විදුලි පහන් හා ජංගම දූරකතන ප්‍රතිචක්‍රීයකරණය නියාමනයට පියවර

    අගෝස්තු 07, 2014

    ඉවතලන සංයුක්ත ප්‍රතිදීප්ත පහන් (CFL), ප්‍රතිදීප්ත බට (ටියුබ් විදුලි බල්බ) හා ජංගම දූරකතන ප්‍රතිචක්‍රීයකරණය කිරීම සඳහා 2008 ජනවාරි 01 දින ගැසට් පත්‍රය අනුව කළමනාකරණ බලපත්‍රයක් යටතේ නියාමනය කිරීමට පියවර ගෙන ඇති බව පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.


    දිවයිනේ ප්‍රධාන ආයතන වන ඩයලොග්, මොබිටෙල්, එටිසලාට්, ප්‍රතිචක්‍රීයකරණ ආයතන මෙන්ම නිෂ්පාදන ආයතනය සමඟ එක්ව ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ඒකරාශී කිරීමේ වැඩපිළිවෙළක් පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කළ බව ද ඔහු කීය.

     

    අමාත්‍යවරයා මේ ගැන පැවසුවේ අද (07) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

     

    සති 02ක ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එක් කිරීමේ වැඩසටහනේදී අපද්‍රව්‍ය ටොන් 12ක් එකතු වේ යැයි අපේක්ෂා කළත් ඊට වැඩි ප්‍රමාණයක් එකතු වුණා. පාසල්වල භාවිතෙයන් ඉවත් කරන ලද පරිගනක, රසායනාගාරවල භාවිත කරන අපද්‍රව්‍ය ඒකරාශී කිරීමේ වැඩපිළිවෙළක් මධ්‍යම පරිසර අධිකාරිය මඟින් අරඹා ඇත. පෞද්ගලික අංශය මේවා වැඩි වශයෙන් භාවිත කරයි. ඒවා ඉවත දමන විට පරිසරයට එකතු වේ. ඒවා බැහැර කිරීමේදී පෞද්ගලික අංශය නියාමනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කටයුතු යොදා ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    මේ සම්බන්ධයෙන් මධයම පරිසර අධිකරිය යාවත්කාලීන කරන්න මොරටුව විශ්වවිද්‍යාලය සමඟ කටයුතු කර ගෙන යයි. අඛණ්ඩව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් මේ කාර්යය සඳහා යොමු කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya