අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොටුව "නොලේජ් පාර්ක්" ජනපතිගේ නිරීක්ෂණයට

    අගෝස්තු 06, 2014
    දැනුම පදනම් කරගත් කර්මාන්ත සිදු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ඉදිකෙරෙන පිටකොටුව "නොලේජ් පාර්ක්" සංකීර්ණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.
     
    මරදාන ආසන්නයේ තිබෙන අක්කර 25කින් සමන්විත ට්‍රිපෝලි මාර්කට් නැමැති පැරණි ගොඩනැගිලි පිහිටි ස්ථානයේ මෙහි ඉදිකිරීම කටයුතු සිදු කෙරෙන අතර එහි පළමු අදියර යටතේ මේ වන විට අක්කර 12ක ඉදිකිරීම් සිදුකර ඇත.
     
    රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි. ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 07කි.
     
    මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව ශ්‍රී ලංකාව ආසියාවේ දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට සැලසුම් කර තිබෙන අතර වර්ෂ 2016 වන විට තොරතුරු තාක්ෂණ කර්මාන්තයෙන් ඩොලර් බිලියනයක ආදායමක් ලබාගැනීමට බලාපොරොත්තු වේ.
     
    ඒ යටතේ නවීන පන්නයේ අපනයන පහසුකම් සහිත ව්‍යාපාර පර්යේෂණ ආයතන සහිත නගරයක් ලෙස ද මෙය සංවර්ධනය කෙරේ. විෂයානුබද්ධ ඉහළ අධ්‍යාපනය ලැබූවන් සඳහා රැකියා අවස්ථා පුළුල් කිරීම ද ඉන් අපේක්ෂා කෙරේ.
     
    දැනුම පදනම් කරගත් ව්‍යාපාරික ස්ථාන පිහිටුවීම සඳහා ලාභ ලැබීමේ චේතනාවෙන් තොරව සමාගම් කිහිපයක් ද එක්ව කටයුතු කරන අතර එම සමාගම් සන්ධානය ට්‍රේස් යන නමින් හඳුන්වයි. ජාත්‍යන්තර සංචාරක කර්මාන්ත මෘදුකාංග විසඳුම් සේවා සපයන න්‍යවකරණ තොරතුරු තාක්ෂණ සමාගමක් වන කොඩ්ජෙන් ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම තම නවතම මාදිලියේ කාර්යාලය පසුගියදා මෙහිදී විවෘත කරන ලදී.
     
    එයද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය. ව්‍යාපෘති නිලධාරීන් සමඟ සාකච්ඡා කළ ජනාධිපතිතුමා ඉදිරි සැලසුම් ද පරීක්ෂා කර බැලීය.
     
    ව්‍යාපාරික ප්‍රජාව සමඟ ද සුහද කතා බහක නිරත වු ජනාධිපතිතුමා ඔවුන්ගෙන් ද තොරතුරු විමසීය.
     
    ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ධම්මික පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ. 
     
    DB
     
    HE kotuwa ins 1
     
     
    HE kotuwa ins 2
     
    HE kotuwa ins 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya