අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ විදේශ ප්‍රතිපත්තිය හා තානාපති සේවය බොහොම ශක්තිමත්

    අගෝස්තු 06, 2014

    අපේ විදේශ ප්‍රතිපත්තිය හා තානාපති සේවය බොහොම ශක්තිමත් බවත් රාජ්‍යතාන්ත්‍රික සේවයට යොමු කිරීමට පෙර මේ සභාවෙන් ඒ සඳහා අනුමැතිය ලබා ගන්නා බවත් උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (06) පාර්ලිමේන්තුවේ දී සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයට එක් වෙමිනි.

     

    අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය. "සුමන්තිරන් මහත්තයා ගාසා තීරය ගැන කතා කළා. නමුත් ඒ සම්බන්ධයෙන් ඇමෙරිකාව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෙන යන ප්‍රතිපත්තියේ ඈලිමෑලි ගතිය ගැන කතා කළේ නැහැ. ගාසා තීරය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය කරගෙන යන වැඩපිළිවෙළ හරිද? අනුර දිසානායක මහත්තයා මේ යෝජනාව ගෙනාවේ රාජ්‍ය තාන්ත්‍රික සේවය බිඳ වැටිලා නිසා මානව හිමිකම් යෝජනාව ශ්‍රී ලංකාව පරාජය වුණේ කියලා. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණත් සහය පළ කර තිබෙනවා. එහෙම තිබියදී ඔවුන් කියනවා තානාපති සේවයේ ඉන්න අය හොඳ නැහැ කියා. රාජ්‍ය නායකයාගේ ඥාතීන් තානාපති සේවයට යොදා ගන්නවා කියා. නමුත් ජේ.ආර්. යුගයේදීත්, ප්‍රේමදාස යුගයේදීත් විජේතුංග යුගයේ දීත් තමන්ගේ ඥාතීන් තානාපති සේවයේ පිහිට වූවා යැයි" ඔහු පැවසීය.

     

    දකුණු ඉන්දියාව දිනා ගැනීමට රජය සමත් වෙලා නැහැ කිව්වත් ජේ.ආර්., ප්‍රේමදාස යුගවලදී කොටි පුහුණු කඳවුරු පවත්වාගෙන ගියේ තමිල්නාඩුවේයි . එතකොට එජාපය දකුණු ඉන්දියාව දිනලද? චන්ද්‍රිකා යුගය, රනිල් යුගය කඩා වැටෙන හැටි අපි දැක්කා. නමුත් මහින්ද රාජපක්ෂ මහතා දක්ෂ විදේශ තානාපති පිරිසක් යොදවා රාජ්‍ය තාන්ත්‍රික සේවය ශක්තිමත් කර තිබෙනවා වගේම විදෙස් සබඳතා වර්ධනය කර ගෙන තිබෙනවා. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා දකුණු ආසියාවෙන් ඉහළ තැන ඉන්න බුද්ධිමතෙක්. එතුමා විදේශ අමාත්‍යවරයා ලෙස පත් කර ජනාධිපතිතුමා නිවැරදි තීරණයක් ගෙන තිබෙනවා. අද වන විට ආසියාවට ළඟින්ම සිටින අප්‍රිකානු රටවල් සමඟ දැඩි සබඳතාවක් ගොඩනගා ගැනීමට අපිට හැකි වුණා. ඔස්ට්‍රේලියාව, ජපානය, කොරියාව, ඉන්දුනීසියාව වැනි රටවල් සමඟ සබඳතා වර්ධනය වෙලා. ජපානය නිදහස් වෙළෙඳ ගිවිසුමකට එන්න කියා තිබෙනවා. මේ තත්ත්වයට ර‍ට ගෙනාවේ අපේ විදේශ ප්‍රතිපත්තියේ ගුණාත්මකභාවය නිසයි.

    වසර 30ක් තිස්සේ ශ්‍රී ලංකාව දිහා නොබැලූ එක්සත් ජාතීන්ගේ සංවිධානය 2009න් පසු අපේ රටේ මානව හිමිකම් ගැන සොයා බැලීමට එන්නේ ඇයි? අපේ රට නිදහස් රටක් ලෙස ඉදිරියට එනවාට ඔවුන් අකමැතියි. ඒ නිසා මේ වගේ බලපෑම් කරනවා. 2009 පසු‍ව අපේ රටේ එක බෝම්බයක් පිපුරුණේ නැහැ. ඒ නිසා අපේ විදේශ ප්‍රතිපත්තිය හා තානාපති සේවය ශක්තිමත් කරමින් එක්සත් ජාතීන්ගේ යෝජනාවට නිවැරදි පිළිතුරු ලබාදෙනවා" යැයි අමාත්‍යවරයා පැවසීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya