අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ විදේශ ප්‍රතිපත්තිය ස්වාධීනත්වය රැක ගනිමින් රටවල් සමඟ හිතවත්කම සුරැකීමයි

    අගෝස්තු 06, 2014
    අපේ විදේශ ප්‍රතිපත්තිය වන්නේ අපේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගනිමින් අනෙකුත් රටවල් සමඟ හිතවත්කම තබා ගනිමින්, ඔවුන්ට ගෞරව කරමින් හා ගිවිසුම් ගසමින් කටයුතු කිරීම බව මහාමාර්ග, වරාය හා නාවික කටයුතු පිළිබඳ ව්‍යාපෘති අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (06) පාර්ලිමේන්තුවේ දී සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයට එක් වෙමිනි.
     
    ජාත්‍යන්තරය ඉදිරියේ අපේ විදේශ ප්‍රතිපත්තියක් නෑ, මානව හිමිකම් කවුන්සිලය අපට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනවා කියන කාරණය නිර්මාණය වූයේ කෙසේද යන්න අප සිතිය යුතුයි. එජාපය මේ ගැන කතා කරන විට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, අපේ රජය හා රණ විරුවන් වසර 30ක යුද්ධය හා අනෙකුත් කාරණා අවසන් කර ඇත. විදේශ ප්‍රතිපත්තිය හොඳ නෑ කියන කාරණය කියන්න හැකි සියලු දේ කළේ විපක්ෂය බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
     
    එදා එක්සත් ජාතික පක්ෂය යුද්ධය කරන විට ඉන්දියාවේ බලපෑමට යුද්ධය අකුළා ගත්තා. ඒ නිසා අපේ රණ විරුවන් මැරුණා. එකම රටක්වත් තරහ කර ගන්නේ නැතුව යුද්ධය අවසන් කළ එකම නායකයා ගරු ජනාධිපතිවරයා බව කියන්න පුළුවනි. මානව හිමිකම් ගැන අපට උගන්වන අයම අද මිනිස් ඝාතන කරනවා. මේ ආණ්ඩුව කොන්ද පණ තියෙන ආණ්ඩුවක් බවත් ජාත්‍යන්තරය ජයගන්න හැකි ආණ්ඩුවක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya