අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (06) පාර්ලිමේන්තුවේ දී සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයට එක් වෙමිනි.
යුද්ධය පැවැති කාලයේ හමුදාව, රට අපකීර්තියට ලක්කළ අය මේ යෝජනාව ගෙනැවිත් තියෙනවා. අපේ විදේශ සේවයට කරන චෝදනා පිළිගන්න බැහැ. ඒවා ද්වේශ සහගත කතායි. විදේශ සේවය ඉතා හොඳින් ක්‍රියාත්මක
වෙනවා.
දේශපාලන පත්වීම් අද නො වේ හැමදාම විදේශ සේවයේ තිබුණා. නමුත් මේ පත්වීම් විපක්ෂයේ නියෝජනය සහිත උසස් නිලතල කොමිටිය අනුමත කර ඇත. එසේම මේ නිලධාරීන් විශාල සේවයක් විදේශ සේවයට සිදු කර තියෙනවා.
NDH/HC