මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාගර විශ්වවිද්‍යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    අගෝස්තු 06, 2014

    ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

    යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැතිවරයා වෙනුවෙන් මෙම පනත් කෙටුම්පත දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළේය.


    දැනට ක්‍රියාත්මක වන ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනය විශ්වවිද්‍යාල මට්ටමට උසස් කර පවත්වාගෙන යෑම හා පරිපාලනය කිරීමද එහි උසස් අධ්‍යාපනය සඳහා සකස් කරන පාඨමාලා සඳහා පහසුකම් සැලසීමේදී අවශ්‍ය නෛතික පහසුකම් සැලසීම ද මේ පනත් කෙටුම්පතෙන් සිදු කෙරේ.


    සාගර විශ්වවිද්‍යාලය පිහිටුවීමෙන් පසු දැනට ක්‍රියාත්මක ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනය ස්ථාපිත කළ ඊට අදාළ 1999 අංක 36 දරන පනත ඉවත් කෙරෙනු ඇත.

     

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya