අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම රජය නඩත්තු කරන මාර්ග කි.මී. 8017ක් කාපට් අතුරා අවසන්

    අගෝස්තු 06, 2014
    මධ්‍යම රජය විසින් නඩත්තු කරන මාර්ග අතුරින් මේ වන විට ඒ හා බී ශ්‍රේණියේ මාර්ග කිලෝ මීටර් 8,017ක් කාපට් අතුරා සංවර්ධනය කර ඇති බව මහා මාර්ග අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (06) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මේ බව කීය.

    ඒ හා බී ශ්‍රේණියේ හා අධිවේගී මාර්ග ඇතුළත්ව මධ්‍යම රජය විසින් නඩත්තු කරනු ලබන මාර්ගවල දිග ප්‍රමාණය කිලෝ මීටර් 12,322කි. ප්‍රාදේශීය සභා මඟින් නඩත්තු කරන මාර්ග පිළිබඳ තොරතුරු මේ දිනවල ලබා ගනිමින් සිටින අතර ප්‍රමුඛතා ලේඛනය අනුව ඒවායේ සංවර්ධන කටයුතු සිදු කරයි. දැනට කාපට් කර ඇති පාරවල් අවුරුදු 12ක් හෝ 13ක් පැරණි නම් නැවත ඒවා කාපට් කර සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව ද ඔහු පැවසීය.

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya