අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ප්‍රවාහනය සම්බන්ධ නිර්දේශ වෙනස් කිරීමට පියවර ගන්නවා

    අගෝස්තු 06, 2014
    ජාතික ප්‍රවාහනය සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් 2000 වසරේදී නිර්දේශ 14ක් යටතේ සකස් කර ඇති අතර ඒ අනුව මේ වසරේ ජූනි මස බස් ගාස්තු වැඩි කිරීම හෝ අඩු කිරීම සිදු කළ යුතු වුවත් අදාළ නිර්දේශ වෙනස් කිරීමේ කෙටුම්පතක් සකස් කිරීමට ඉතා ඉක්මනින් පියවර ගන්නා බව පෞද්ගලික ප්‍රවාහන අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (06) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

    පුද්ගලික බස් රථ නිසා පොදු ප්‍රවාහන පද්ධතියට යහපතක් සිදු වී ඇත. දැනට පුද්ගලික බස් රත 17067ක් ධාවනය කෙරේ. ඉන් 2959ක් අන්තර් පළාත් බස්රථ වන අතර 14108ක් පළාත් බද බස්රථ වේ. මේ සියලු බස් රථ බලපත්‍ර සහිතව ධාවනය කරන බව ද ඔහු පෙන්වා දුන්නේය.

    ජාතික හා පළාත් මට්ටමින් එක් එක් කාලසීමාව අනුව ආදායම වෙනස් වන නිසා නිශ්චිත වශයෙන් බස්රථ මඟින් උපයනු ලබන ආදායම ප්‍රකාශ කළ නොහැකි වුවත් වර්ෂයකට රුපියල් මිලියන 200ක් උපයනවා ඇතැයි ප්‍රමාණනය කර ඇත. මේ පිළිබඳ තහවුරු කර ගැනීම සඳහා විශ්වවිද්‍යාල සිසුන්ගේ ද සහයෙන් සමීක්ෂණයක් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ඔහු පැවසීය.

    ගැමි සැරිය, සිසු සැරිය, නිසි සැරිය ප්‍රවාහන සහනාධාර යටතේ ලක්ෂ 05ක් රජය මඟින් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට ලබා දෙයි. මාර්ග බලපත්‍ර ලබාදීමේදී අන්තර් පළාත් ක්‍රියාවලිය ටෙන්ඩර් පටිපාටියක් අනුව සිදු කරයි. එදා අමාත්‍යාංශයේ ඉපැයීම් රුපියල් මිලියන 07ක් 08ක් පමණි. අද ටෙන්ඩර් පටිපාටිය නිසා රුපියල් මිලියන 160ක පමණ ආදායමක් උපයන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    පොලිසිය හා ආරක්ෂක අංශ එක්ව අන්තර් පළාත් බලපත්‍ර නොමැතිව ධාවනය කරන බස්රථ ගැන කටයුතු කරන්න පියවර ගෙන ඇති අතර මේ සඳහා අය කරනු ලබන දඩ මුදල වැඩි කරන්න පාර්ලිමේන්තුවට පනතක් ගේන්න අපේක්ෂිතයි. බස් හිමියාට සහනයක් ලෙස පෙරගෙවුම් කාඩ්පත හඳුන්වා දීමටත් අපේක්ෂා කරන අතර එවිට මාරු කාසි ප්‍රශ්නය හෝ කප්පම්කරුවෝ කියන ක්‍රියාවලියට තිත තබන්න හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya