අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහවැව සිට කටුනේරියට වෙරළ ඛාදනය වළක්වා ගැනීමට පියවර

    අගෝස්තු 06, 2014
    පුත්තලම දිස්ත්‍රික්කයේ මහවැව සිට කටුනේරිය දක්වා මුහුදු තීරයේ වෙරළ ඛාදනය වළක්වා ගැනීම සඳහා වෙරළ සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ 2003 සිට 2005 දක්වා කාලය තුළ පියවර ගෙන ඇතැයි ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (06) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් මේ බව කීය.

     

    හදිසි වෙරළාරක්ෂක බැමි ඉදිකිරීම, කෘතිම වැලි පෝෂණය කිරීම මෙන් ම දිය කඩන බැමි ද මෙහි ඉදිකර ඇත. මේ නිසා 2013 වසරේ වෙරළ ඛාදනය අවම මට්ටමක පවතී. 2014 වසරේ වාරකන් සමය ගෙවී යන නිසා හදිසි වෙරළ ඛාදනයක් සිදු වේ නම් ඒ සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත් වීමට සූදානම් බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    වෙරළ ඛාදනය නිසා ඒ ආසන්න මාර්ගය යථා තත්ත්වයට පත් කරන්න ඉතා ඉක්මනින් පියවර ගනු ඇත. මෙහි සංවර්ධන කටයුතු නැවතී නැහැ. වෙරළ ඛාදනය නිසා විනාශ වූ නිවාස හිමියන්ට වන්දි ලබා දී ඇති අතර 74 දෙනෙකු සඳහා ඉඩම් කැබලි ප්‍රදානය කර නිවාස ඉදිකර දී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya