මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ අතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට

    අගෝස්තු 06, 2014

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ අතුරු වාර්තාවක් ඊයේ (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ. 2013 ඔක්තෝම්බර් 08 සිට 2014 අප්‍රේල් 08 දක්වා කාල සීමාව තුළ සිදු කරන ලද විමර්ශනයන් තුළින් අනාවරණය වූ කරුණු මෙම වාර්තාවේ ඇතුළත් වේ.


    විමර්ශනය කරන ලද රාජ්‍ය ආයතන 47ක් සම්බන්ධයෙන් මෙම අතුරු වාර්තාවේ කරුණු සඳහන් වන බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති, ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ඊයේ (05) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුව අමතමින් පැවසීය.


    මෙම රාජ්‍ය ආයතන 47න් 18ක් රාජ්‍ය වාණිජ ආයතන වන අතර 29ක් වාණිජ නොවන රාජ්‍ය ව්‍යවසායන් හා වෙනත් ආයතන වේ.


    එම එක් එක් ආයතන සම්බන්ධයෙන් 2011 හා 2012 වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා හා කාර්යසාධනය සමාලෝචනය කිරීමෙන් අනතුරුව ප්‍රධාන කාරක සභාව හා අනු කාරක සභා විසින් අනාවරණය කරගත් කරුණු හා කාරක සභාවේ නිර්දේශයන් මෙම වාර්තාවෙහි අඩංගු වන බවත් ඉදිරියේදී ආයතන 244ක් විමර්ශනයට ලක් කිරීමට බලාපොරොත්තුවන බවත් ගුණසේකර මහතා මෙහිදී පවසන ලදී.


    මෙම වාර්තාවට අනුව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, සීමාසහිත මිහින් ලංකා පෞද්ගලික සමාගම හා ලංකා ධීවර සංස්ථාව විශාල වශයෙන් අලාභ ලබන ආයතන ලෙස හඳුනාගෙන ඇත.


    2014 අවසාන වාර්තාවට පෙර තවත් අතුරු වාර්තාවක් සැප්තැම්බර් අග පමණ ඉදිරිපත් කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අදහස් කරන බව ගුණසේකර මහතා විසින් තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

     

    ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර, ඉදිකිරීම්, ‍ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ඇතුළු පාර්ලිමේන්තු මැති ඇමතිවරු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.


    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya