අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ ආදායම වැඩි කිරීමට රැඩිකල් වෙනසක් අවශ්‍යයි

    අගෝස්තු 05, 2014
    රජයේ ආදායම වැඩි කිරීමට රැඩිකල් වෙනසක් අවශ්‍ය බව මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) පාර්ලිමේන්තුවේදි සභාව කල් තබන අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

    2006 සිට මේ දක්වා කාලය තුළ අපේ දළ දේශීය නිෂ්පාදනය 4%ත් 6%ත් අතර මට්ටමක පවත්වා ගැනීමට රජයට හැකි වී තිබෙනවා. ලොව පුරා ආර්ථික අවපාතයක් පැවතියත් එම බලපෑම පාලනය කර ගන්න මේ රජය සමත් වී තිබේ.

    යුද්ධයකුත් ලෝක තත්ත්වයත් සැලකිල්ලට ගත් විට අප සාධනීය මට්ටමක්ද ලබා තිබෙනවා. 2005 සිට රජයේ ආදායම අඩුවීම ගැන සැලකිල්ලක් දක්වන්න වෙනවා. විපක්ෂය කවදාකවත් මේ කතාව මතු කළේ නැහැ. 24% සිට 12% දක්වා රජයේ ආදායම අඩුවන විට එහි බලපෑම පහළ පන්තියට දැනෙනවා. සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රවලට බලපානවා. එම නිසා රජයේ ආදායම වැඩිකිරීමට රැඩිකල් වෙනසක් අවශ්‍යයි. මේ සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම කළ යුතුයි. රජය සියලු බලපෑම් අර්බුද මැද ආර්ථිකයේ මූලධර්ම රැක ගැනීම සාධනීය කරුණක් බවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා අවධාරණය කළේය.

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya