මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ ආර්ථිකය 7.6%කට වර්ධනය වීම විශාල ප්‍රවණතාවක්

    අගෝස්තු 05, 2014
    ආර්ථිකය වෙනස්වෙමින් චලනය වෙමින් පවතින දෙයක් නිසා ඒ සම්බන්ධයෙන් නිවැරදි තීන්දු තීරණ ගත යුතු බවත් මෙරට ආර්ථිකය 7.6%කට වර්ධනය වීම විශාල ප්‍රවණතාවක් බවත් ජාත්‍යන්තර මුල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (05) පාර්ලිමේන්තුවේදී සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් මේ බව පැවසීය.

    අපේ ආර්ථිකය විශාල වර්ධනයක් දක්නට තිබෙනවා. වසර අවසානයේදී අය-වැය ලේඛනයක් ඉදිරිපත් කරනවා. වසර මැදදීත් මුල්‍ය ලේඛනයක් ඉදිරිපත් කරනවා. අපේ රට නිවැරදි සංවර්ධන දිශාවකට අවතීරණය වී තිබෙනවා යැයි ඔහු පැවසීය.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පිරිසක් අපේ රටට පසුගිය දිනවල පැමිණි අවස්ථාවේ ශ්‍රී ලංකාව සංවර්ධන ඉලක්ක ජයගනිමින් නිවැරදි දිශාවකට පැමිණ ඇති බවට වාර්තා කර තිබේ. අපගේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ලොකු ප්‍රගතියක් තිබෙනවා. එය 12.6%ක වර්ධනයකි. 2014 වසරේ මුල් කාර්තුවේදී අපගේ සේවා අංශයේත් සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙනවා. වෙනත් වසර සමඟ සසඳා බලන විට 2014 වසරේ පළමු කාර්තුවේදී අපේ කෘෂිකාර්මික අංශය පසු බැහැලා තිබෙනවා. කෘෂිකර්මාන්තය රඳා පවතින්නේ කාලගුණික, දේශගුණික තත්ත්වයන් මතයි. උමා ඔය ව්‍යාපෘතිය, දැදුරු ඔය ව්‍යෘපෘතිය බොහෝ වැදගත්. කළුගඟ අපි දකුණට හරවනවා.  කළුගඟ සම්බන්ධයෙන් ජපානය හා චීනය සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. අපේ ඇඟලුම් ක්ෂේත්‍රයේ වර්ධනයක් තිබෙනවා. ලබන සැප්තැම්බර් මාසයේදී චීන ජනාධිපතිවරයා ලංකාවට එනවා. ඒ අවස්ථාවේදී වෙළෙඳ ගිවිසුමක් අත්සන් කරන බවත් ඒ වගේම ජපාන අගමැතිවරයාත් ඉදිරියේදී ලංකාවට පැමිණෙන නිසා ජපානය සමඟත් ගිවිසුම් අත්සන් කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya