අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016දී ණය බර 60% දක්වා අඩු කර ගැනීම රජයේ අරමුණයි

    අගෝස්තු 05, 2014
    එදා ණය බර 99%ක් වූ අතර අද එය අඩුකර ගැනීමට අපේ රජයට හැකි වී තිබෙන බවත් වසර 2016දී ණය බර 60% දක්වා අඩු කර ගැනීම මේ රජයේ අරමුණ වී තිබෙන බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (05) පාර්ලිමේන්තුවේදී සභාව කල් තබන අවස්ථාවේ කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමින් මේ බව පැවසීය.


    කාලයක් බදුල්ල, මොනරාගල දුප්පත්කම තිබුණා. 2005න් පසුව සෑම ප්‍රදේශයකම දුප්පත්කම අඩුවෙලා. ආදායම වැඩිවෙලා. කොළඹට සාපේක්ෂව ග්‍රාමීය ජනතාවගේ ආදායම වැඩිවෙමින් පවතී. මුදල් අමාත්‍යාංශය, සියලු අමාත්‍යාංශ, රටේ සමස්ත ආර්ථිකය සම්බන්ධව මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ යැයි ඔහු සඳහන් කළේය.

    අපි ණය උගුලක වැටිලලු. ණය වෙලා හිටියේ රනිල් වික්‍රමසිංහ පාලන කාලයේදීයි. අපේ රටේ කිසිම කෙනෙක් කන්න නැතිව මියයන්නේ නැහැ. අපේ ආර්ථිකය එදා ඉඳලම විවිධ ප්‍රවණතාවන්ට ලක් වුණා. විවෘත ආර්ථිකය ඇති වුණා. නමුත් ඒ කිසිම රජයකට රටේ ආර්ථිකය 4%ක් උඩට ගේන්න බැරි වුණා. එක්සත් ජාතික පක්ෂ රජය යටතේ ආයතන රැසක් පෞද්ගලීකරණය කළා. නමුත් ආර්ථිකය ගොඩනගන්න බැරි වුණා. 2005දී මහින්ද රාජපක්ෂ රජය යටතේ රටේ නව වෙනසක් ඇති වුණා. පාරවල් මංමාවත් සියල්ල ඉදිවුණා. මේ රටේ සංවර්ධනය දෙවැනි වන්නේ චීනයට පමණයි. එක්සත් ජාතික පක්ෂය යටතේ මේ රටේ සංවර්ධනය සිදු වී තිබෙනවාද? කිසිවක් සිදු වී නැතැයි යන්න අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya