පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (05) පාර්ලිමේන්තුවේදී සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදය සඳහා ගෙන ආ යෝජනාව ස්ථිර කරමිනි.
මුදල් අමාත්‍යාංශය වගකීමක් ඇතිව විධිමත්ව මේ වාර්තාව ඉදිරිපත් කර තිබේ. රට ගමන් කරන දිශාව කැඩපතක් ලෙස මුදල් අමාත්‍යාංශ වාර්තාවෙන් දැක ගත හැකියි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් පසුගිය සතියේ නිකුත් කළ වාර්තාවක තිබෙනවා අපේ රට ආර්ථිකය හැසිරවීමෙන් ඉහළ මට්ටමක සිටින බවට. වියදම් පාලනය තුළින් මූල්‍ය අවශ්‍යතා සාක්ෂාත් කරගෙන ඇති බව ඔවුන් තහවුරු කර තිබෙනවා. මේවා සිදු කර තිබෙන්නේ රට පුරා සිදුකරන දැවැන්ත සංවර්ධනයත් සිදුකරමින් යනුවෙන් සුමතිපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
NDH/HC