අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ණය අර්බුදයක් ඇතැයි කියමින් විපක්ෂය ණය බිල්ලෙක් මවනවා

    අගෝස්තු 05, 2014

    ශ්‍රී ලංකාව කිසි දිනක විදේශ ණය වාරිකය හා පොලිය නොගෙවා මගහැර නැති බවත් ණය අර්බුදයක් ඇතැයි කියමින් විපක්ෂය ණය බිල්ලෙක් මැවීම මිථ්‍යාවක් බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) පාර්ලිමේන්තුවේදී සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමිනි.


    අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය. “ඇතැම් රජයන් ගත් හිතුවක්කාර තීන්දු තීරණ නිසා රාජ්‍ය මුල්‍ය ක්‍රමයේ අර්බුද ඇති වූණා. නොබේරු විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 21ක් වේ. ලංකාව කිසිදිනක විදේශ ණය නොගෙවා නැහැ. ඩොලර් බිලියන 1.2ක් ණය වාරිකය හා පොලිය ගෙවීමට වාර්ෂිකව වැය කරනවා. අද කිසිම රාජ්‍ය ණය අර්බුදයක් නැහැ. වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 6ක් විදේශ රැකියා කරන්නන්ගෙන් අපිට ලැබෙනවා. විපක්ෂය ණය බිල්ලෙක් මැවීම මිථ්‍යාවක්. ණය ලබා ගැනීම හා ණය කළමනාකරණය රජය නිසි පරිදි සිදු කරන බවත් මූල්‍ය කළමනාකරණය නිසා මේ රජය යටතේ එය කඩා වැටුණා කියා කාටවත් කියන්න බැරි බවත්" ඔහු සඳහන් කළේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya