අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එජාප මන්ත්‍රී හරීන් මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස් වෙයි

    අගෝස්තු 05, 2014
    බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද (05) පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමින් සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව පැවසීය.


    ඉදිරියේදි පැවැත්වෙන ඌව පළාත් සභාවට තරග කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමට පියවර ගත් බව සභාවට දැනුම් දුන්නේය.

    තමාට පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීම සඳහා සහය දුන් කතානායකවරයා ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් මෙන්ම පාර්ලිමේන්තු සේවකයන් ඇතුළු සියලුදෙනාටම ස්තූතිය පුදකිරීමට ද හරීන් ප්‍රනාන්දු මහතා අමතක නොකළේය.

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya