අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය වීවලින් අස්වද්දන ලද කිඹුලාවල වෙල්යාය ජනපතිගේ නිරීක්ෂණයට

    අගෝස්තු 05, 2014
    කාබනික පොහොර පමණක් භාවිත කරමින් දේශීය වීවලින් අස්වද්දන ලද ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කිඹුලාවල වෙල්යාය අද (05) පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණය ලක්විය.


    සෞඛ්‍ය සම්පන්න බුද්ධිමත් මතු පරපුරක් රට තුළ ගොඩනැගීමේ අරමුණින් පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ පාරම්පරික දේශීය සහලට රට හුරුකරවීමේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වැඩපිළිවෙළ යටතේ මේ වගා කටයුතු සිදු කර ඇත.

     

    පච්චපෙරුමාල්, සුවඳැල්, කුරුළුතුඩ, මදනවාලු, ගෝනබරු, රන්කහවනු, පොක්කාල, වෙදහීනටි, ඇතුළු දේශීය වී ප්‍රභේදවලින් අක්කර 65ක පමණ භූමි ප්‍රමාණයක් අස්වද්දා ඇත.

     

    අද පස්වරුවේ එම වෙල්යාය වෙත පැමිණි ජනාධිපතිතුමාව ගොවීන් විසින් පිළිගනු ලැබුවේ මහත් හරසරිනි. 

     
    අනතුරුව වෙල් යාය නිරීක්ෂණයට එක් වූ ජනාධිපතිතුමා වගා කටයුතු පිළිබඳ ගොවි මහතුන්ගෙන් කරුණු විමසීය. 

    වගා කටයුතු සිදු කිරීමේදී තමන් ලත් අත්දැකීම් ජනාධිපතිතුමා සමඟ පැවසූ ගොවීන් ඉදිරි කන්නය මීටත් වඩා සරු කර ගත හැකි වනු ඇති බවට ද විශ්වාසය පළ කළහ.

    තමන් නිෂ්පාදනය කළ දේශීය සහල් වර්ගවලින් කොටසක් මෙහිදී ඔවුහු ජනාධිපතිතුමා වෙත ද පිළිගැන්වූහ.

    මහා සංඝරත්නය ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    NDH/pmu_pix by Nishanka de Silva

    06 1

     

     

    10

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya