අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියේ පළවූ ලිපිය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා වාර්තාවක් ඉල්ලා සිටී

    අගෝස්තු 05, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (05) උදෑසන අරලියගහ මන්දිරයේ දී ශ්‍රී ලාංකික පුවත්පත් කර්තෘවරුන් හා ගුවන්විදුලි සහ රුපවාහිනී ආයතනවල ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරු හමුවිය.


    තමිල්නාඩු මහ ඇමතිතුමිය ඉන්දීය අගමැතිවරයාට යැවූ ලිපි සම්බන්ධව, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශ වෙබ් අඩවියේ "නිසි අනුමැතියකින් තොරව" පළකර ඇතැයි කියන ලිපිය පිළිබඳව මෙම හමුවේදී මාධ්‍ය ප්‍රධානියෙක් ජනාධිපතිතුමාගෙන් විමසා සිටියේය.


    මෙම ලිපිය පළවුයේ "නිසි අනුමැතියකින් තොරව" බවත් ඒ පිළිබඳව දැනුම් දීමෙන් අනතුරුව ලිපිය වෙබ් අඩවියෙන් වහා ම ඉවත් කළ බවත් පිළිතුරු දෙමින් ජාතික බුද්ධි අංශ ප්‍රධානි (විශ්‍රාමික) මේජර් ජනරාල් කපිල හෙන්ද්‍රවිතාන මහතා ප්‍රකාශකර සිටියේය. අමාත්‍යංශය විසින් මේ සම්බන්ධව නිකුත් කළ සමාව අයැදීමේ ප්‍රකාශය: http://goo.gl/9Mb90h


    "රජයක් වශයෙන් මෙම සිදුවීම ගැන අපේ කනගාටුව ප්‍රකාශ කර සිටිමු." ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පැවසීය.


    එමෙන්ම නිසි අනුමැතියකින් තොර ව ලිපිය පළවුයේ කෙසේද යන්න පිළිබඳව තමන් වාර්තාවක් ඉල්ලා ඇති බව ජනාධිපතිතුමා මෙහිදී මාධ්‍යවේදීන් හට ප්‍රකාශ කර සිටියේය.


    HC/PS&IMU_Pix By : Nishanka de Silva

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya