අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිසමෙහි කාලය දීර්ඝ කෙරේ

    අගෝස්තු 05, 2014
    උතුරු සහ නැගෙනහිර පළාත්වල සිදු වූ බව කියන පුද්ගල අතුරුදන්වීම් පිළිබඳ ව විමර්ශනය කරනු පිණිස පත් කර ඇති ජනාධිපති කොමිසමේ කාලය 2015 පෙබරවාරි 15 වැනි දා දක්වා දීර්ඝ කර තිබේ.
     
    මැක්ස්වෙල් පරාක්‍රම පරණගම මහතා (සභාපති), සුරන්ජනා විද්‍යාරත්න මහත්මිය සහ මනෝ රාමනාදන් මහත්මිය යන අයගෙන් සමන්විත, 2013 අගෝස්තු මස පත් කරන ලද ත්‍රී පුද්ගල කමිටුවට අතුරුදන්වූවන් පිළිබඳ විමර්ශනය කර සොයා බලා ජනාධිපතිතුමාට වාර්තාවක් ඉදිරිපත් කිරීමට බලය පවරා දී තිබේ.
     
    මෙම වසරේ ජූලි මාසයේ දී, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කොමිසමෙහි කාර්යභාරය තවදුරටත් පුළුල් කළ අතර කොමිසමට උපදෙස් ලබා දීම සඳහා ත්‍රී පුද්ගල උපදේශක සභාවක් ද පත් කරන ලදී.
     
    ජනාධිපතිතුමාගේ ප්‍රකාශය සහ 2014 ජූලි මස 15 වනදා පළ කරන ලද 1871/18 ගැසට් නිවේදනය අනුව කොමිසමේ පුළුල් කරන ලද විෂය පථයට අනුව, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම් වාර්තාවේ 4.359 ඡේදය යටතේ දැක්වෙන කරුණු රාශියක් සහ අදාළ වෙනත් කරුණු පිළිබඳ ව විමර්ශනය කර වාර්තා කිරීම සිදු කළ යුතුය. මෙසේ විෂය පථය පුළුල් කරන ලද්දේ තවදුරටත් මෙම කරුණු විමර්ශනය කිරීමට අවශ්‍ය බව කොමිසමට අවබෝධ වූ බැවිණි. 
     
    කීර්තිමත් ජාත්‍යන්තර විශේෂඥයින් තිදෙනෙකුගෙන් සමන්විත මෙම උපදේශක සභාවට, කොමිසමෙහි පුළුල් කරන ලද විෂය පථයට උපදෙස් ලබා දීමේ කාර්යභාරය පවරා ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya