අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රී පුද්ගල කමිටුවේ කාර්යභාරය කොමිසමට උපදෙස් දීම පමණි

    අගෝස්තු 05, 2014
    අතුරුදන්වුවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ ඉල්ලීමක් පරිදි එයට උපදෙස් දීම සඳහා තමා පත් කළ ත්‍රී පුද්ගල කමිටුවේ කාර්යභාරය කොමිසමට උපදෙස් දීම පමණක් බව පැහැදිලි කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එම කමිටුවට පරීක්ෂණ පැවැත්වීමේ කිසිම බලයක් පවරා නැතැයි ප‍්‍රකාශ කළේය.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙසේ ප‍්‍රකාශ කළේ අද (05) උදෑසන අරලියගහ මන්දිරයේ දී මාධ්‍ය ප‍්‍රධානීන් සමඟ පැවැති හමුවේදීය. 
     
    කොමිසම මගින් ඉල්ලා සිටියේ ඔවුන්ට ජාත්‍යන්තර උපදෙස් ලැබීමේ අවශ්‍යතාවක් තිබෙන බවත් ඒ අනුව ත්‍රී පුද්ගල කමිටුව පත්කළ බවත් එම කමිටුවට තවත් තිදෙනෙකු පත්කර එය පුළුල් කිරීමට රජය අදහස් කරන බව යැයි ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.
     
    විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් ඇසු ප‍්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප‍්‍රශ්න කළේ මේ ජනාධිපති ක‍්‍රමය ගෙනාවේ කවුද? කියාය. මෙය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ගෙනා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නො වේ. එහෙත් එය වෙනස් කිරීමට අවශ්‍ය නම් එය හඳුන්වා දුන් අයටම එය කළ හැකිය. එහෙත් සියලුම ව්‍යාධිවලට හේතුව විධායක ජනාධිපති ක‍්‍රමය යයි කීම වැරදියි. විපක්ෂ නායකවරයා ඉල්ලා සිටින ඕනෑම දිනයක මැතිවරණය පැවැත්වීමට තමා සුදානම් යැයි රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.
     
    ශුද්ධ වූ පාප් වහන්සේගේ ශී‍්‍ර ලංකා චාරිකාව නිසා ජනවාරි මස මැතිවරණය නොපවත්වන ලෙස වතිකානුව ඉල්ලා සිටී දැයි ඇසු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ එරට එවැනි ඉල්ලීමක් කොට නොමැති බවය.
     
    රාජ්‍ය නොවන සංවිධානවලට නව කොන්දේසි පනවා නැතැයි සඳහන් කළ ජනාධිපතිතුමා දැන් සිදුව ඇත්තේ රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු සම්බන්ධයෙන් ඇති එකඟත්වය ඔවුන්ට යළි සිහිපත් කරදීමක් පමණක් යැයි පැවසීය. එහෙත් එම සංවිධාන සම්බන්ධයෙන් රෙගුලාසි සංශෝධනය කිරිම ගැන සලකා බලමින් සිටින බවද පැවසීය.
     
    නියඟ සහන උදෙසා රජය ගෙන ඇති කෙටි කාලීන හා දීගු කාලීන පියවර පිළිබඳ ජනාධිපතිතුමා මෙහිදී මාධ්‍ය ප‍්‍රධානීන්ට පැහැදිලි කළේය.
     
    අවසානයේ දී මාධ්‍ය ප‍්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කළ ජනාධිපතිතුමා තමා හමුවට පැමිණි ජ්‍යේෂ්ඨ වෛද්‍යවරුන් කණ්ඩායමක් කියා සිටියේ තරුණ සියදිවි හානිකර ගැනිම් සම්බන්ධයෙන්, විශේෂයෙන් පාසල් සිසු සිසුවියන් සියදිවි හානි කර ගැනීම පිළිබඳ ව විශාල ප‍්‍රසිද්ධියක් මාධ්‍ය තුළින් ලබා දීමෙන් සෙසු සිසු සිසුවියන් තුළ වැරදි මානසිකත්වයක් ගොඩනැගී සියදිවි නසා ගැනීම් සිදුවීමේ අනතුරක් පවතින බවය. මෙවැනි සිද්ධීන් වාර්තාකරණයේදී ඉතා සංයමයකින් යුතුව කි‍්‍රයා කිරීමට මාධ්‍ය වගබලා ගත යුතු බවත් ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya