අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය නොවන සංවිධාන සාකච්ඡා කර කටයුතු කළ යුතුයි

    අගෝස්තු 05, 2014

    රාජ්‍ය නොවන සංවිධාන රටේ සංවර්ධන කාර්යයට දායක වනවා නම් ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම් සමඟ සාකච්ඡා කර කටයුතු කළ යුතු බවත් එවිට රජයේ සංවර්ධන කටයුතු සඳහා අනුගතවීමට ඔවුන්ට හැකි වන බවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ස්ථාවර නියෝග 23(2) යටතේ ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

    රාජ්‍ය නොවන සංවිධානවල මූල්‍යාධාර සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර නැහැ. කුඩා රාජ්‍ය නොවන සංවිධාන ඉවත් කිරීම ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවත් රජයේ සියලුම සංවර්ධන කටයුතු සිදු කිරීමේදී විනිවිදභාවයෙන් යුතු ව සිදු කළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya