අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීමට නීතිවලට යටත්ව විදේශ සමාගම්වලට අවසර දී තිබෙනවා

    අගෝස්තු 05, 2014
    දික්ඕවිට ධීවර වරාය කේන්ද්‍රකර ගනිමින් ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීම සඳහා ශ්‍රී ලංකාවේ නීති රෙගුලාසිවලට යටත්ව විදේශ සමාගම් සඳහා අවසර ලබා දී ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා විසින් වාචක පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
     
    ජපානය, තායිවානය, චීනය යන රටවල සමාගම් සඳහා මේ අවසරය ලබා දී තිබුණත් කොළඹ වරායෙන් මෙහි සියලුම මෙහෙයුම් කටයුතු සිදු කරනු ඇත. ජාත්‍යන්තර මුහුදේ පමණක් මෙසේ මසුන් ඇල්ලීමට අවසර දී ඇත. මසුන් ගෙන ආ විට විදේශ විනිමය මෙරටට ලැබෙන අතර මසුන් ගෙඩබෑමේ හා වරාය ගාස්තු ද මේ සඳහා අයකරන බව ඔහු ප්‍රකාශ කළේය.
     
    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya