අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනවසරයෙන් කුඹුරු ඉඩම් ගොඩකිරීමට නීතියෙන් අවසරයක් නෑ

    අගෝස්තු 05, 2014
    අනවසරයෙන් කුඹුරු ඉඩම් ගොඩකිරීමට නීතියෙන් අවසරයක් නොමැති බවත් යම් පුද්ගලයෙකුට නිවසක් තනා ගැනීමට ඉඩමක් නොමැති නම් එවැනි පුද්ගලයෙකුට හෝ රණ විරුවන් සඳහා ගොවිජන සේවා පනත අනුව නිවසක් ඉදිකිරීමට කුඹුරු ඉඩම් පර්චස් 10ක ප්‍රමාණයක් ලබා දෙන බව ආර්ථික සංවර්ධන (විශේෂ ව්‍යාපෘති) අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි. 
     
    අමාත්‍යවරයා අද (05) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මේ බව පැවසීය.
     
    ගොවිජන සේවා පනත අනුව කුඹුරු ඉඩම් නාමලේඛනයේ කුඹුරක් ලෙස සඳහන් නොවන ඉඩම් ගොඩකිරීමට හැකියි. කුඹුරු ඉඩම් නාමලේඛනයේ නම ඇති, වී වගාව සිදු නොකරන හා පුරන් වී ඇති, ජලය ලබා ගත නොහැකි හා කුඹුරු වැඩ නොකර අවුරුදු 20ක් 25ක් ගත වී ඇති කුඹුරු ඉඩම්වලින් පර්චස් 10ක් මෙසේ නිවසක් ලබාදීමට ප්‍රදානය කරන බව ඔහු සඳහන් කළේය.
     
    එවැනි ඉඩම් කොටසක් වුවත් දිස්ත්‍රික් කෘෂිකර්ම නිලධාරීන්ගේ, ගොවි සංවර්ධන නිලධාරීන්ගේ හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන්ගේ අනුමැතිය යටතේ ලබාදීමට පියවර ගනු ඇත. එසේ නොමැතිව යමෙකු කුඹුරු ඉඩම් ගොඩ කර ඇත්නම් ගොවිජන සංවර්ධන පනත අනුව උසාවි තීන්දුවෙන් ඉඩම් ගොඩකළ අය ම පස් ඉවත් කිරීම කළ යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
     
    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya