අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින පුරා "සේවා පියස" කාර්යාල 575ක්

    අගෝස්තු 05, 2014
    රජය විසින් මේ වන විට දිවයින පුරා "සේවා පියස" කාර්යාල 575ක් ස්ථාපිත කරනු ලැබ ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක මහතා පවසයි.
     
    අමාත්‍යවරයා අද (05) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝසි සේනානායක මහත්මිය විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මේ බව පැවසීය.
     
    දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී වසමක් සඳහා ම සේවා පියස කාර්යාලය බැගින් ඉදිකිරීමට පියවර ගෙන ඇත. ඒ සඳහා 2013 වසරේදී රුපියල් මිලියන 42ක් වෙන් කර තිබුණි. 2014 වසර සඳහා රුපියල් මිලියන 20ක් වෙන් කර ඇති අතර භාවිතයට නොගන්නා රජයේ ගොඩනැගිලි මේ සඳහා යොදා ගැනීමට රුපියල් මිලියන 15ක් ද වෙන් කර ඇතැයි ඔහු කීය.
     
    එක් සේවා පියස කාර්යාලයක් ඉදිකිරීම සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් ලක්ෂ 10කි. මේ මුදල් ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරයාට ලබා දෙනු ඇත. මේ එක් සේවා පියසක් ඉදිකිරීම සඳහා රජයෙන් රුපියල් 750,000ක් ලබා දෙන අතර ඉතුරු මුදල් ගම් මට්ටමින් ප්‍රජා දායකත්වයෙන් සපුරා ගත යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. 
     
     
    NDH/HC
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya