අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරියට ජනපතිත් එක්වෙයි

    අගෝස්තු 05, 2014
    කොළඹ දිසා බාලදක්ෂ සංගමයේ සියවස් සැමරුම නිමිත්තෙන් සංවිධානය කරන ලද ජාත්‍යන්තර බාලදක්ෂ ජම්බෝරිය මේ දිනවල මාදම්පේ දුම්මලසූරිය වෛග්‍රෝ කඳවුරු පරිශ්‍රයේදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (04) පස්වරුවේ මේ අවස්ථාවට සහභාගි විය.


    "ආයුබෝවන්" තේමාව යටතේ පැවැත්වෙන මේ කඳවුර සඳහා රටවල් 30ක බාලදක්ෂයන් හා බාලදක්ෂිකාවන් 3000ක් පමණ සහභාගි වෙති.  

    පසුගිය 01දා ඇරඹි බාලදක්ෂ ජම්බෝරිය ලබන 07 දිනෙන් අවසන් වේ. විවිධ සංස්කෘතික, සංගීතමය අංගයන්ගෙන් ද ගිනිමැල සංදර්ශනයන්ගෙන් හා විනෝදාත්මක ක්‍රියාකාරකම්වලින් මෙය සමන්විත වේ.

    කඳවුරු පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමාව පිළිගනු ලැබුවේ ජම්බෝරි කමිටු සභාපති ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් විසිනි. බාලදක්ෂ ආචාරය ද මේ අවස්ථාවේ දී ජනාධිපතිතුමා වෙත පිරිනැමිණි. 

    අනතුරුව ජම්බෝරියට සහභාගි වූ සියලු රටවල් නියෝජනය වන පරිදි බාලදක්ෂ, බාලදක්ෂිකාවන් ඉදිරිපත් කළ සන්දර්ශනය ද ජනාධිපතිතුමා නැරඹීය.  

    ඉන්දීය බාලදක්ෂ කණ්ඩායමේ නායක එන්.කේ. ඛාන් මහතා විසින් විශේෂ සමරු තිළිණයක් ද ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී. 


    ලෝක බාලදක්ෂ සංගමයේ සභාපති නේපාල ජාතික ශ්‍රී රාම් මහතා විසින් ද මෙහිදී ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගන්වන ලදී. 

    අනතුරුව බාලදක්ෂයන් හා බාලදක්ෂිකාවන් අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන් සමඟ සුහද පිළිසඳරක ද නිරත විය. 

    අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.

    NDH_pmu pix by Sudath Silva

    01

     

     

    04

     

    06

     

    08

     

    10

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya