අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ජනපති චීනයට තම ශෝකය පළ කරයි

    අගෝස්තු 05, 2014

    පසුගිය ඉරිදා චීනයේ නිරිතදිග යූනාන් පළාතට බල පෑ භූ කම්පනය පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා චීන ජනාධිපති ෂී ජිංපිං (Xi Jinping) මැතිතුමා වෙත තම ශෝකය පළ කරමින් පණිවුඩයක් නිකුත් කර ඇත.ජනාධිපතිතුමා තම ශෝක පණිවිඩයේදී දෙරට අතර පවත්නා සහයෝගය හා හිතවත්කම විදහාපාමින්, භූ කම්පනයෙන් අනතුරට පත් චීන වැසියන්ට අවශ්‍ය වෛද්‍ය සහය ලබාදීමට ශ්‍රී ලංකාව සූදානම් බව ප්‍රකාශ කර ඇත.

     

    පසුගිය ඉරිදා චීනයේ නිරිතදිග යුනාන් පළාතට බලපෑ විනාශකාරී භූ කම්පනයෙන් විශාල සංඛ්‍යාවකගේ ජීවිත හානි වූ බවත් අති විශාල දේපළ විනාශයක් සිදු වූ බවත් ඇසීමෙන් තමන් කම්පනයට පත්ව ශෝක වූ බව එම ශෝක පණිවිඩයේ සඳහන් වේ.

    අනතුරින් අහිමි වූ ජීවිත වෙනුවෙන් ශෝකයටපත් පවුල් හා විපතට පත් සියලුම චීන වැසියන් වෙත ශ්‍රී ලංකා රජය ඇතුළු සමස්ත ශ්‍රී ලාංකේයයන් ශෝකය හා සංවේගය ප්‍රකාශ කරන අතර ශ්‍රී ලාංකේයයන්ගේ ප්‍රාර්ථනා හා යැදුම් මෙම දුෂ්කර මොහොතට මුහුණ දුන් සියල්ලන් සමඟ බවත් වැඩිදුරටත් එම පණිවුඩයෙන් පැවසිණ.

    මෙම දුෂ්කර මොහොතේ ඇතිවන බාධක අභියෝග සඳහා සාර්ථකව මුහුණ දීමට චීන වැසියන්ට සහජ ධෛර්යයක් හා ශක්තියක් ඇති බව තමන් තරයේ විශ්වාස කරන බව ජනාධිපතිතුමන් මෙම පණිවුඩයේ අවසානයේ සඳහන් කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya