අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලැබුණු තනතුරු වරප්‍රසාදයක් නොව වගකීමක් බව තේරුම් ගත යුතුයි- ජනපති

    නොවැම්බර් 27, 2019

    තමන් වෙත ලැබුණු තනතුරු, වරප්‍රසාදයක් නොව වඩාත් වැදගත් වගකීමක් බව තේරුම් ගැනීම අවශ්‍ය බවත් මෙරට ජනතාව විශාල ජයග්‍රහණයක් ලබා දුන්නේ විශාල බලාපොරොත්තුවක් ඇතිව බවත් ජනතාව ලබා දුන් වගකීම නිසියාකාරව වෙහෙස වී ඉටු කිරීමට අවශ්‍ය බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

     අද (27) දින ජනාධිපති ලේකම් කාර්යයාලයේ දී රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරු ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දීම සිදු විය.

    ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් 35 ක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 03 දෙනකු මෙහි දී දිවුරුම් දෙන ලදී.

    ඉන් අනතුරුව ජනාධිපතිතුමා එම රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍ය වරුන් අමතා කළ ප්‍රකාශය මෙසේයි;

     

    ගරු අග්‍රාමාත්‍යතුමනි, අමාත්‍යවරුනි, රාජ්‍ය අමාත්‍යවරුනි, නියෝජ්‍ය අමාත්‍යවරුනි, මන්ත්‍රීවරුනි;

    ප්‍රථමයෙන් ම අද දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ට මගේ සුභ පැතුම් එක්ක කරන්නට කැමතියි. මෙම තනතුරු වරප්‍රසාද නෙමේ, වඩාත් වැදගත් වගකීමක් බව තේරුම් ගන්නට අවශ්‍යයි. මෙරට ජනතාව විශාල ජයග්‍රහණයක් ලබා දුන්නේ විශාල බලාපොරොත්තුවක් ඇතිවයි.

    අද මෙම තනතුරු ලබා දීමේ දී බොහෝ වෙලාවට අපිට වැඩ කල දේශපාලනික වශයෙන් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා දුන් සියලු දෙනාටම තනතුරු ලබා දෙන්නට පුලුවන් කමක් නොමැත. මක්නිසාද යත්, ව්‍යවස්ථාවේ තිබෙන එකී සිමාවන් හේතු හෙයිනි. නමුත්, ඇත්ත වශයෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන්ගේත් සංඛ්‍යාවත් ඇමතිවරුන්ගේ සංඛ්‍යාව මෙන් අඩු කරන්නට කැමැත්ත තිබුණත්, සම්පුර්ණ රාජ්‍ය සහ උප ඇමතිවරුන්ගේ සංඛ්‍යාව අඩු නොකොට තබා ගන්නට කටයුතු සිදු කළේ අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ඉටු කරන්නට තිබෙන විශාල වගකීම් කාර්යයභාරයන් හේතුකොටගෙනයි.

    ඇතැම් විට තමුන්ට ලැබුණු අමාත්‍ය ධුරය පිලිබඳ සැකයක් තිබෙන්නට පුළුවනි. එහෙත් එම ධුරයට විශාල වගකීම් ප්‍රමාණයක් ඇති බව තේරුම් ගැනීමට අවශ්‍යයි. මෙම රාජ්‍ය අමාත්‍ය ධුර සකස් කරන ලද්දේ ඒ අනුවයි.

    මා විසින් පසුගිය වසර ගණනාවක් තිස්සේ සිදු කරන ලද අධ්‍යනයන්ට අනුව සහ පසුගිය මැතිවරණ කාල වල ඒ ඒ ප්‍රදේශ වලට ගොස් බැලු විට දක්නා ලද ජනතාවගේ අවශ්‍යතාවයන් ඒවා ජනතාවට ඉටු කරගැනීමට අවශ්‍ය වන පරිදි මෙම සෑම රාජ්‍ය අමාත්‍ය ධුරයක්ම සකසා ඇත. ඒ අනුව ජනතාවගේ විශේෂ අවශ්‍යතාවයන් දෙස බලා මෙම අමාත්‍ය ධුර වෙන් කර තිබේ.

    උදාහරණයක් ලෙස දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය ධුරය ගතහොත් එය රටේ විශේෂ අවශ්‍යතාවයක්. දුම්රිය සේවාවේ අවශ්‍යතාවයක් රට තුල පන නැගී ඇත. එම අවශ්‍යතාවය දියුණු කරන්නට පුළුවනි. එය දියුණු කිරීම අවශ්‍ය දෙයක් නිසයි එකී කාර්යයන් කරන්නට රාජ්‍ය අමාත්‍යංශයක් ලෙස පත් කරනු ලැබුවේ. දුම්රිය සේවාවේ විශාල දියුණුවක් ලබා ගැනීමට අවශ්‍යයි මෙන්ම, දුම්රිය සේවාව දිගු කරන්නට හා කාර්යක්ෂම කරන්නට අවශ්‍යයි.

    එවැනිම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස දේශීය වෛද්‍ය සේවා දියුණු කිරීම පිළිබඳව බොහෝ වෙලාවට කතාකරනු ලබයි. එයට ඇති ප්‍රමුඛත්වය වර්තමානයේ අඩුවී යමින් පවතී. එලෙස වීමට හේතුන් මොනවද එය සංචාරක අංශයට භාවිත කරන්නේ කෙසේ ද යනාදිය පිළිබඳව සොයා බලා කටයුතු කිරීමට අවශ්‍යයි. මෙලෙස රාජ්‍ය අමාත්‍ය ධුර වෙන් කර ඇත්තේ එවැනි කාර්යයභාරයන් නිසිලෙස ඉටු කිරීමටයි.

    එමෙන්ම, සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධුරය ගතහොත් එය ඉතාමත්ම වැදගත් කාර්යය භාරයන් කරන්නට හැකි අමාත්‍යංශයක් බව කියන්නට අවශ්‍යයි. එකී අමාත්‍යංශය භාර අමාත්‍යතුමා මා දෙස බලු විට වැටහී ගිය කරුණක් තමයි ඔහුට එම අමාත්‍යංශයේ පවතින අවශ්‍යතාවය කුමක් ද යන්න නොතේරුණු බව. දිළිඳුකම පිළිබඳව හැමදාමත් කතාකරනවා. මගේ මැතිවරණ ප්‍රකාශනයේ දී ද තුරන් කිරීම පිළිබඳව කතාකරනු ලැබිය. මෙරටින් දිළිඳුකම තුරන් කිරීමට අවශ්‍යයි. එකී වැදගත් කාර්යය භාරයන් සිදු කෙරෙන හෙයින් වැදගත් අමාත්‍යංශයක් බව කියන්නට අවශ්‍යයි.

    කාන්තා හා ළමා කටයුතු ගතහොත්, එය ද ඉතාමත් වැදගත් අමාත්‍යංශයක්. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වැදගත් අංශයක් ඊට යොමු වී තිබේ. එමෙන්ම තාක්ෂණය දියුණු කිරීම පිළිබඳව බොහෝ අංශවලට වැදගත් වී තිබේ. එනිසා තාක්ෂණය දියුණු කිරීම පිළිබඳව ප්‍රමුඛතාවයක් ලබා දී තිබේ. ඒ නිසා එම අංශයට අපි විශේෂ අවධානය යොමු කරනවා.

    ඒ වගේම සංචාරක ප්‍රවර්ධනය ඉතාමත්ම වැදගත්. අපගේ ආර්ථිකය අපි කතා කල පරිදි ඩො.මිලියන 10 ක් දක්වා අපේ ආර්ථිකය ගෙනයන්නට කතා කරනු ලැබිය. ඒ සඳහා සංචාරක අංශය දියුණු කරන්නට අවශ්‍ය බව සඳහන් කරනු ලැබිය. ඒ නිසා එම අමාත්‍යංශයත් ඉතා වැදගත් වගකීම් සහිත අමාත්‍යංශයකි.

    මෙවැනි අප කතා කළ සෑම අමාත්‍යංශයක්‌ම හොදින් සිතා මතා වෙන් කර ඇත.එවැනි වැදගත් ආයතන භාර ගැනීමේ දී ඒ පිළිබඳව වැටහීමක් ලැබේ වි කියා මා සිතනවා. ඒ සමගම මා මිට පෙර සඳහන් කළ පරිදි මෙම රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට ඔවුන්ට වගකීම භාර දී වැඩ කරන්නට අවස්ථාව ලබා දෙන ලෙස එම කාරුණිකව අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. මා නැවතත් සඳහන් කර සිටිනවා මෙය වරප්‍රසාදයක් නොව වගකීමකි. ජනතාව ලබා දුන් වගකීම නිසියාකාරව අපි වෙහෙස වී වැඩ කරනන්ට අවශ්‍යයි. අපිට විශාල අභියෝගයක් තිබෙනවා.

    විශේෂයෙන්ම රාජ්‍ය අංශය දිරිමත් කර රාජ්‍ය අංශයේ හොඳ නිළධාරීන් දිරිමත් කර රාජ්‍ය අංශය නිසියාකාරව ක්‍රියාත්මක කර ජනතාවට සේවය කරන්නට අපි අලුත් යුගයක් කරා යන්නට සෑම දෙනෙක්ගෙන්ම ඉල්ලා සිටිනවා. තනතුරු නොලැබුනත් එම මන්ත්‍රීවරුන්ට ඔවුන්ට කරන්නට හැකි වගකීමක් තිබේ. අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ඔවුන්ව නිසි අයුරින් යොදා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

    සමහර රාජ්‍ය ආයතන නිසියාකාරව ක්‍රියාත්මක නොවීම කණගාටුදායකයි. ජනතාවට සේවය කරන්නට තිබෙන රාජ්‍ය ආයතන නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සඳහා ඔබට භාරයි. අපේ රටේ මිනිසුන් දිරිමත් කරමු. නිසියාකාරව තමන්ගේ සේවය කරන්නට සිතමු.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya