අංග සම්පූර්ණ ගණිතාගාරයක්, පරිගනක 25කින් සමන්විත විද්‍යාගාරයක්, පරිගනක 40කින් සමන්විත පරිගනකාගාරයකින් හා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයකින් මෙය සමන්විත වේ.
මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකට ද එක්විය. අනතුරුව විදුහල්පතිතුමා මෙන් ම ආචාර්ය මණ්ඩලය සමඟ සුහද කථා බහක නිරත විය.
ජනාධිපතිතුමාගේ පැමිණීම ගැන දැනගත් ප්‍රදේශයේ ජනතාව ද පාසල වෙත රැස්ව සිටි අතර ඔවුන් අතරට ද ගිය ජනාධිපතිතුමා ඔවුන්ගේ තොරතුරු ද විමසීය.
අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි, දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය, ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.
NDH/pmu_pix by Sudath Silva