අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංවර්ධනයේ නව පියවරක් ලබන දෙසැම්බර් මාසයෙන් පසුව තබන බව ජනපති පවසයි.

    සැප්තැම්බර් 29, 2019

    රට වශයෙන් ක්‍රියාත්මක කර ඇති සංවර්ධන වැඩපිළිවෙළේ මෙන්ම පොළොන්නරුව සංවර්ධනයේ ද නව පියවරක් ලබන දෙසැම්බර් මාසයෙන් පසුව තබන බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(28) පස්වරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහනක් අමතමිනි.
    විශ්‍රාම යාමට තමාට කිසිදු අවශ්‍යතාවයක් නොමැති අතර රට සහ ජනතාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යාමට තමා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේ ය.
    එමෙන්ම ජනාධිපතිතුමා වැඩදුරටත් සඳහන් කළේ ඉතිහාසයට එක්වන සුවිශේෂ වැඩකොටසක් තමන් ඉකුත් පස් වසර තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉටුකළ බවයි.
    පොළොන්නරුව ඉසිපතන සුබසාධන සංගමයේ ප්‍රජාශාලාව ජනතා අයිතියට පවරාදීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුණු අතර උතුරු, උතුරු මැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක පොළොන්නරුව ඉසිපතන විහාරාධිපති පූජ්‍ය උඩගම ධම්මානන්ද නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ මහතා ඇතු`ථ මහජන නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    මේ අතර රුපියල් මිලියන 213 ක් වැය කරමින් වැලිකන්ද ප්‍රාදේශීය රෝහලේ ඉදිකෙරුණු බාහිර රෝගී අංශය, සායනික හා පරිපාලන ගොඩනැඟිල්ල අද ජනතා අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
    රෝහලට ඇතුළත් කෙරුණු පළමු රෝගියා ලියාපදිංචි කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
    ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවීමේ අරමුණින් වැලිකන්ද ප්‍රාදේශීය රෝහල සියලු පහසුකම්වලින් සමන්විත රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ මේ වන විට කටයුතු කර තිබේ.
    එමෙන්ම ර්‍ණපිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ පාසල් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණ පෙරදැරිව රුපියල් ලක්ෂ 72ක වියදමින් ඉදිකෙරුණු දිඹුලාගල, කඩවත්මඩුව විද්‍යාලයේ නව පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම ද අද ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
    විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් පිළිගත් අතර සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිතුමා සිසු ක්‍රියාකාරකම් නිරික්ෂණය කිරීමට ද එක් විය.
    විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතු`ථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya