අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      “1818 පළමු නිදහස් සටන හා අස්ගිරි මහා විහාරය” ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වීම ජනපති සහභාගිත්වයෙන් අද මහනුවර අස්ගිරි විහාරස්ථානයේ දී

    සැප්තැම්බර් 30, 2019


    බි්‍රතාන්‍ය පාලනයට එරෙහිව 1818 දී දියත්කළ පළමු නිදහස් සටන යළි ආවර්ජනය කරමින් සම්පාදිත “1818 පළමු නිදහස් සටන හා අස්ගිරි මහා විහාරය” ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද (30) ප.ව 03.00 ට මහනුවර අස්ගිරිය පිරිවෙන් විහාරස්ථානයේ දී සිදුකෙරේ.


    පළමු නිදහස් විමුක්ති සටනෙහි වැදගත්කම සහ එම නිදහස් සටනට අස්ගිරි මහා විහාර පාර්ශ්වීය ස්වාමීන් වහන්සේලා විසින් ලබාදුන් දායකත්වය ඇසුරින් සම්පාදනය කර ඇති මෙම ග්‍රන්ථයේ සංස්කාරකවරුන් ලෙස ශාස්ත්‍රපති පූජ්‍ය ඇටිපොළ මහින්ද හිමි, දර්ශනපති පූජ්‍ය කැටකුඹුරේ ධම්මාරාම හිමි, රාජකීය පණ්ඩිත පූජ්‍ය ඇහැලේපොළ මහින්ද හිමි සහ ආචාර්ය අජිත් තල්වත්ත මහතා කටයුතු කර තිබේ.
    පළමු නිදහස් සටන පිළිබඳ නව පර්යේෂණයන්ගෙන් සොයා ගත් දැනුම පදනම් කරගෙන නිදහස් සටන හා සම්බන්ධ සියලු අංශ ඇතුළත්වන පරිදි මෙම ග්‍රන්ථය සම්පාදනය කර ඇති අතර එය ජාතික හා ශාසනික වශයෙන් වැදගත් ප්‍රයත්නයක් ලෙස ද හැඳින්විය හැක.
    තීරණාත්මක අවස්ථාවන්හි දී අස්ගිරි මහා විහාරය නිසි තීරණ ගැනීමට කැප වූ පූජ්‍යස්ථානයක් වන අතර ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ට එරෙහි ව ස්වදේශික චින්තනයේ පළමු ක්‍රියාත්මක වීම සිදු කළේ ද එවක අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය හෙබවූ පූජ්‍ය වාරියපොළ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේ විසිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya