මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපක්ෂපාතීව සහ ස්වාධීනව කටයුතු කරමින් ඉදිරි ජනාධිපතිවරණය සාර්ථක කර ගැනීමට කැපවන්න - ජනපතිගෙන් පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස්

    සැප්තැම්බර් 28, 2019

    කිසිදු චෝදනාවක් එල්ල නොවන පරිදි අපක්ෂපාතීව සහ ස්වාධීනව රාජකාරී ඉටු කරමින් ඉදිරි ජනාධිපතිවරණය සාර්ථක කර ගැනීම ස`දහා මැතිවරණ කොමිෂමට උපරිම සහය ලබාදෙන ලෙස ජනාධිපතිතුමා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට උපදෙස් දෙයි.


    ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සම`ග ඊයේ (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡුාවක දී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ ය.
    පොලිස් දෙපාර්තමේන්තුවේ දීර්ඝකාලීන ගැටලූවලට විස`දුම් ලබාදෙමින් වඩා ගුණාත්මක පොලිස් සේවාවක් ස්ථාපිත කිරීම වෙනුවෙන් ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ යටතේ ජනාධිපතිතුමා විසින් මාසිකව මෙම හමුව කැ`දවන අතර පසුගිය සාකච්ඡුාවේ දී ගනු ලැබූ තීරණවල ප‍්‍රගතිය මෙහිදී විමසා බැලිනි.
    පොලිස් නිලධාරින්ගේ වැටුප් ගැටලූව පිළිබ`දව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ අනෙකුත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම් සහ විෂමතාවයන් ඉවත් කිරීම පිළිබ`දව ද මේ වන විට ඉල්ලීම් ගණනාවක් පවතින බවත් වැටුප් කොමිෂම සම`ග සාකච්ඡුා කර ඉදිරියේ දී පොදු වැඩපිළිවෙළකට එළැඹීම පිළිබ`ද අද පැවැත්වෙන විශේෂ කැබිනට් රැුස්වීමේ දී සාකච්ඡුා කරන බවත් ය.
    නිලධාරින්ගේ සෞඛ්‍ය තත්ත්වය පරික්ෂා කිරීමේ වැඩසටහන් ස`දහා ප‍්‍රමුඛතාවය මත ප‍්‍රතිපාදන වෙන් කර ගැනීම සහ පොලිස් රෝහල්වල පවතින වෛද්‍යවරුන්ගේ හි`ගය ම`ග හැරවීම ස`දහා කඩිනමින් වෛද්‍යවරුන් ලබා ගැනීම පිළිබ`දව ද සාකච්ඡුා කෙරිණි.
    එමෙන්ම නවීන තාක්ෂණය භාවිතයෙන් කප්පම් ගැනීම පාලනය කිරීම සහ බන්ධනාගාර තළ ජංගම දුරකථන භාවිතය වැළැක්වීමට ගෙන යන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය ද සාකච්ඡුාවට ලක් විය.
    දිවයින වටා මුහුදු සීමාවේ අනතුරුදායක ස්ථාන සමීපව පිහිටා ඇති සංචාරක හෝටල් ආශි‍්‍රත මුහුදේ දියේ ගිලීම් ම`ගින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට කි‍්‍රයාත්මක වැඩපිළිවෙළ පිළිබ`දව ද අවධානය යොමු විය.
    පොලිස් දෙපාර්තමේන්තුවේ සියලූ නිලධාරින්ට සහන සලසමින් ගුණාත්මක පොලිස් සේවාවක් මෙරට ඇති කිරීම වෙනුවෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පොලිස් දෙපාර්තමේන්තුව තමා යටතට පවරා ගැනීමෙන් පසුව සුවිශේෂි කාර්යභාරයක් ඉටුකළ බව මෙහිදී පෙන්වා දුන් නිලධාරින් ඒ පිළිබ`ද ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පුද කර සිටියේය.
    වැඩබලන පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න මහතා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, නියෝජ්‍ය පොලිස්පතිවරු ඇතු`ථ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම හමුවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya