අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇලහැර රදවිගෙඔය කණිෂ්ඨ විද්‍යාලයේ නවීකරණය කෙරුණු පන්තිකාමර ගොඩනැගිලි ජනපති අතින් සිසු අයිතියට ...

    සැප්තැම්බර් 23, 2019

     "පිබිදෙමු පොළොන්නරුව” ජනපති වැඩසටහන යටතේ පාසල් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණ පෙරදැරිව රුපියල් මිලියන 4.20ක වියදමින් නවීකරණය කෙරුණු ඇලහැර රදවිගෙඔය කණිෂ්ඨ විද්‍යාලයේ පන්තිකාමර ගොඩනැගිලි ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (23) පෙරවරුවේ සිසු අයිතියට පැවරිණි.

    පන්තිකාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා සිසු ක්‍රියාකාරකම් නිරික්ෂණය කිරීමට ද එක්විය.

    ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය සහ විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මේ අතර ‘පිබිදෙමු පොළොන්නරුව’ වැඩසටහන යටතේ පාසල් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණ පෙරදැරි ව රුපියල් ලක්ෂ 29ක වියදමින් නවීකරණය කෙරුණු ඇලහැර, කහටගහපිටිය කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රධාන ශාලාව ඇතුළු බහුකාර්ය ගොඩනැඟිල්ල අද සිසු අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    කලාපයේ පාසල් දරුවන්ට පාසල් උපකරණ ප්‍රදානය, පුස්තකාල සඳහා පොත් ප්‍රදානය සහ අඩුආදායම්ලාභී ජනතාව වෙනුවෙන් නිවාස හිමිකම් ප්‍රදානය සංකේතවත් කිරීම ද මෙහි දී ජනාධිපතිතුමා අතින් සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya