අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිදු රජයක් වැය නොකළ මුදලක් තමා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව අධ්‍යාපනය වෙනුවෙන් වැය කළ බව ජනපති පවසයි.

    සැප්තැම්බර් 23, 2019

    දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කිසිදු රජයක් වැය නොකළ මුදලක් තමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව වැය කළ බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ පොළොන්නරුව, කෝට්ටපිටිය සෑගල මහා විද්‍යාලයේ නව බහුකාර්ය ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (23) පෙරවරුවේ එක්වෙමිනි.

    මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ විශ්වවිද්‍යාල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වාර්ෂික ව වෙන්කළ මුදල තමන් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඉහළ නැංවූ බවයි. එමෙන් ම සියලු විශ්වවිද්‍යාලවල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ද විශාල මුදලක් වැය කළ බව පෙන්වා දුන් ජනාධිපතිතුමා කියා සිටියේ රටේ සමාජ, ආර්ථික ගැටලු රැසකට විසඳුම් තිබෙන්නේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදී උගතුන් වැඩි වැඩියෙන් රට තුළ බිහි කිරීම මඟින් බවයි.

    “පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ පාසල් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණ පෙරදැරිව රුපියල් ලක්ෂ 73ක මුදලක් වැය කරමින් විද්‍යාගාරය, ගෘහ විද්‍යාගාරය සහිත පන්තිකාමර 4කින් යුත් මෙම බහුකාර්ය ගොඩනැඟිල්ල ඉදිකර තිබේ.

    අද පෙරවරුවේ විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.

    සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා සිසු ක්‍රියාකාරකම් නිරික්ෂණය කිරීමට ද එක්විය.

    උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් සහ විදුහල්පති බී.පී.කේ ඇතිපොල මහතා සහ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya