අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාස්කු ඉරු දින ප්‍රහාරය ගැන සෙවීමට පංච පුද්ගල කොමිසමක්

    සැප්තැම්බර් 22, 2019

    පාස්කු ඉරු දින ප්‍රහාරය ගැන සෙවීමට පංච පුද්ගල කොමිසමක්

    පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පංච පුද්ගල කොමිසමක් පත්කර ඇති අතර ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර
    අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් එම කොමිසම පත්කර ඇත.

    එහි සෙසු සාමාජිකයින් අතරට අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර අතපත්තු සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්. අධිකාරී යන මහත්ම මහත්මීන් අයත්.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ සිද්ධීන්, පුද්ගලයන් සහ සංවිධාන හඳුනාගැනීම මෙන්ම ඊට අදාළව රාජ්‍ය නිලධාරීන් වැරදි ආකාරයෙන් බලය යොදාගැනීම, අතපසුවීම් සහ වගකීම් පැහැර හැරීම ආදිය පිළිබඳවද විමර්ශනය කිරීම මෙම කොමිසමට පැවරෙයි.

    එමෙන්ම කොමිසම මගින් පළමු අතුරු වාර්තාව මාස 3ක් ඇතුළත ඉදිරිපත් කළ යුතු අතර මාස 6ක් තුළ අවසන් වාර්තාව ලබාදිය යුතු බවයි ඊට අදාලව නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

    මේ අතර ඉකුත් 20 වනදා ජනාධිපතිවරයාගෙන් කරුණු විමසීමෙන් අනතුරුව පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවේ කටයුතු අවසන් වුණි.

    ඒ අනූව එහි අවසන් වාර්තාව ඔක්තෝබර් 31වනදාට පෙර පාර්මේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya