අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පවුල් එක් ලක්‍ෂ දාහත්දහසකට සෙත සැලසෙන පාතදුම්බර ජල ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ

    සැප්තැම්බර් 22, 2019

    පවුල් එක් ලක්‍ෂ දාහත්දහසකට සෙත සැලසෙන පාතදුම්බර ජල ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ

    පවුල් එක්ලක්‍ෂ දාහත්දහස් පන්සියයකට සෙත සැලසෙන පාතදුම්බර ජල ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) ආරම්භ විය.
    ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සිදු කරන මෙම ව්‍යාපෘතිය මගින් මහනුවර නාගරික කලාපයට ඔබ්බෙන් ඇති ප්‍රදේශවලට නළ මගින් පානීය ජලය ලබා දීම සිදු වේ. පාතදුම්බර, අකුරණ, පූජාපිටිය, හාරිස්පත්තුව, මහනුවර, කඩවත්සතර හා ගඟවටකෝරළේ, තුම්පනේ මෙන්ම මාවතගම යන ප්‍රදේශවලට ව්‍යාපෘතිය හරහා ජලය සැපයීමට නියමිතයි. ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 50 ක් වැය කෙරෙනවා.
    නව සේවා ජලාශ 27 ක් මෙන්ම නව පොම්පාගාර 16 ක් ඉදිකිරීමට නියමිතයි. 2022 වසරේ ව්‍යාපෘතිය අවසන් කිරීම සැලසුමයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya