අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් කාලගුණයෙන් විපතට පත් සියලූ ජනතාවට කඩිනම් සහන සලසන්න - ජනපති

    සැප්තැම්බර් 24, 2019

    අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය සියලූ පියවර ගන්නා ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

    එම සහන කටයුතු ස`දහා ති‍්‍රවිධ හමුදාවේ සහාය ලබා ගන්නා ලෙසත්, නාය යෑමේ අවදානම පවතින ප‍්‍රදේශවල ජනතාව ඉවත් කිරීමේ කටයුතු ති‍්‍රවිධ හමුදාවේ සහාය ඇතිව කඩිනම් කරන ලෙසත් ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ ය.

    එමෙන් ම පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන වැඩපිළිවෙළේ දී ප‍්‍රතිපාදන ගැටලූවක් කර නොගන්නා ලෙස  උපදෙස් දුන් ජනාධිපතිතුමා ඒ ස`දහා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීම් සිදු කරන ලෙසත්, තමා මැදිහත් වී එම මුදල් ලබාදීමට කටයුතු කරන බවත් ප‍්‍රකාශ කළේ ය.

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සහ එම`ගින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩපිිළිවෙළ පිළිබ`ද අද (24* පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡුාවක දී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ ය.

    ඉදිරි මාස 02ක කාලය තුළ අධික වැසි තත්ත්වය දිගින් දිගටම ඇතිවිය හැකි බව මෙහිදී ස`දහන් කෙරුණු අතර, පූර්ව සූදානමක් ඇතිව එම තත්ත්වයන්ට මුහුණදීම ස`දහා අදාළ අමාත්‍යාංශවල සහ සියලූ අංශවල සම්බන්ධීකරණයෙන් සැලසුම් සහගතව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පැහැදිලි කළේය.

    එමෙන්ම එළැඹෙන ජනාධිපතිවරණයේ දී බාධාවකින් තොරව එම හදිසි ආපදා තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමේ සහ ජනතාවගේ සහන වැඩපිළිවෙළ විධිමත් කර ගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ.ය

    පසුගිය දින කිහිපය පුරා ඇද හැ`ථණු අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල, මාතර සහ කොළඹ දිස්ති‍්‍රක්කවල පුද්ගලයන් 6,000කට වැඩි පිරිසක් ආපදාවට ලක්ව ඇති අතර ඔවුන් වෙනුවෙන් ගෙන යන සහන වැඩපිළිවෙළ ද සමාලෝචනය කෙරිණි.

    ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මෙහි දී පෙන්වා දුන්නේ පැවති නියං තත්ත්වය හේතුවෙන් දිස්ති‍්‍රක්ක 15 ක පමණ ජනතාවට පානීය ජලය බෙදාදීමේ කටයුතු අමාත්‍යාංශය විසින් කි‍්‍රයාවට නංවා තිබූ බවත් එම කටයුතු අඛණ්ඩව කි‍්‍රයාත්මක කෙරෙන බවත් ය.

    ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂ ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් සහ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතු`ථ රාජ්‍ය නිලධාරන් ද, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, ති‍්‍රවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති ඇතු`ථ ආරක්ෂක අංශ ප‍්‍රධානිහු මෙම සාකච්ඡුාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya