අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටට ආදරය කරන සියලුදෙනා කඩිනමින් රට වෙනුවෙන් නිවැරදි තීන්දුවකට එළැඹිය යුතු බව ජනපති පවසයි

    සැප්තැම්බර් 05, 2019

    රටට ආදරය කරන දේශපාලනඥයන්, විද්වතුන් මෙන්ම ආගමික නායකයන් ප්‍රමුඛ සමස්ථ ජනතාව රට වෙනුවෙන් නිවැරදි තීන්දුවක් ගනිමින් රටත්, ජනතාවත් බේරාගැනීමට කඩිනමින් ඒකරාශී විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

    වර්තමානයේ රට මුහුණ දී ඇති දේශපාලන, ආර්ථික සහ සමාජ අභියෝග දෙස බැලීමේ දී ඉතා කෙටි කලකින් අපේක්ෂා නොකළ මහා අගාධයකට රට ඇද වැටෙනු ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා එම අභියෝගයෙන් රට බේරාගත හැක්කේ රටට ආදරය කරන පිරිසකගේ එකතුවකින් බව ද කියා සිටියේය.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ  (04) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ “පන්හිඳක විප්ලවය” උත්සවයට එක් වෙමිනි.

    ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් රචනා කරන ලද “රාජ්‍ය පාලනයේ විකාශනය සහ ශ්‍රී ලංකාවේ අනාගතය” “අවනඩුව” සහ “අතුරුදන් අපේක්ෂකයාගේ අභිරහස” ග්‍රන්ථ ත්‍රිත්වය සහ “පෙම් පවුර” සහ “සියුමැලි මල” සංයුක්ත තැටි ද්විත්වය එළිදැක්වීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්විණි.

    නීතිඥවරයෙකු, දේශපාලනඥයෙකු ලෙස ඉටුකරන භූමිකාවට අමතරව කලා ක්ෂේත්‍රය වෙනුවෙන් ද විජයදාස රාජපක්ෂ මහතා ඉටුකරන මෙහෙවර මෙහිදී ජනාධිපතිතුමාගේ පැසසුමට ලක් විය.

    ග්‍රන්ථ ත්‍රිත්වයේ සහ සංයුක්ත තැටි ද්විත්වයේ මුල් පිටපත් වියජදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්විය.

    මල්වතු, අස්ගිරි අනුනායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරු සහ නීති ක්ෂේත්‍රයේ මෙන්ම කලා ක්ෂේත්‍රයේ ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya