ඔක්තෝබර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රේමකීර්ති ද අල්විස් මාවත ජනපති අතින් විවෘත කෙරේ

    ජූලි 31, 2014
    ප්‍රවීණ ගීත රචකයෙකු, මාධ්‍ය වේදියෙකු හා නිවේදකයෙක් වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා නමින් නම් කළ මාවත ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් අද (31) පෙරවරුවේ විවෘත කෙරිණි.
     
    රූපවාහිනී, ගුවන්විදුලි හා ගීත මාධ්‍යයන් එකළු කළ මේ අසහාය කලාකරුවාගේ 25 වන ගුණ සමරුව නිමිත්තෙන් ප්‍රේමකීර්ති ද අල්විස් ගුණ සමරු පදනමේ ඉල්ලීමක් මත ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් කොළඹ නගර සභාව ප්‍රේමකීර්ති ද අල්විස් මහතා නමින් මේ මාර්ගය නම් කර තිබේ.
     
    ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට පිහිටා තිබෙන මෙම මාවත විවෘත කිරීමට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පිළිගනු ලැබූයේ ප්‍රේමකීර්ති ද අල්විස් ගුණසමරු පදනමේ සභාපති ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතා ඇතුළු පිරිසක් විසිනි.
     
    අනතුරුව නාම පුවරුව නිරාවරණය කරමින් මාවත නිල වශයෙන් විවෘත කළ ජනාධිපතිතුමා ප්‍රේමකීර්ති ද අල්විස් මහතා වෙනුවෙන් පැවැත්වෙන ප්‍රදර්ශනය නැරඹීමට ද එක් විය.
     
    එහි පැවති කෙටි උත්සව සභාවට එක්වූ ජනාධිපතිතුමා ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ ආදරණීය භාර්යාව වන නිර්මලා ද අල්විස් මහත්මිය ඇතුළු ඥාති මිත්‍රාදීන් සමඟ සුහද කථා බහක ද නියැළුණේය.
     
    ඒ මහත්මිය විසින් රචනා කරන ලද ප්‍රේමකීර්ති ද අල්විස් මහතා පිළිබඳ මතක සටහන් ඇතුළත් "ප්‍රේමකීර්තිනී" නම් ග්‍රන්ථය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවාය.
     
    අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, බන්දුල ගුණවර්ධන, ටී.බී. ඒකනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, කොළඹ නගර සභාවේ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් යන මහත්වරුන් ඇතුළු කලාකරුවන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
     
    NDH/pmu_pix by Nishanka de Silva
    03
     
     
    04
     
    06
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya