මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘ප්‍රේමකීර්ති ද අල්විස් මාවත’ජනපති සුරතින් ජනතා අයිතියට

    ජූලි 31, 2014
    කොළඹ 07 ටොරින්ටන් හි පිහිටි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අතර ඇති මාර්ගය අද (31) ‘ප්‍රේමකීර්ති ද අල්විස් මාවත’ නමින් නම්කර විවෘත කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට ස්වල්ප මොහොතකට පෙර සිදු කෙරිණි.
     
    සම්මානනීය කලාකරුවෙකු වු ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ 25 වැනි ගුණ සමරුවට සමඟාමීව මෙම මාර්ගය ඒ මහතාගේ නමින් නම් කොට ජනතා අයිතියට පැවරීම සිදු කෙරුණි.
     
    ප්‍රේමකීර්ති ද අල්විස් ගුණ සමරු සංසඳය විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම මාර්ගය ඒ මහතාගේ නමින් නම් කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව මෙම මාර්ගය ප්‍රේමකීර්ති ද අල්විස් මාවත ලෙස නම්කරන ලෙස ජනාධිපතිවරයා විසින් කොළඹ මහනගර සභාවට උපදෙස් දී ඇත.
     
    මේ අවස්ථාවට සිනමා නළු නිළියන්, ගායක ගායිකාවන්, සංගීතවේදීන්, නාට්‍යවේදීන්, සාහිත්‍ය ක්ෂේත්‍රයේ උගතුන්, වියතුන්, ගත්කරුවන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya