අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මරණ දඬුවමට විරුද්ධ වන අය මත්ද්‍රව්‍ය මර්ධනයට දී තිබෙන සහයෝගය කුමක්දැයි ජනපති ප්‍රශ්න කරයි

    ජූලි 01, 2019

    මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණ දඬුවම් එපා යැයි කෑගසන දේශපාලඥයින්,දේශපාලන පක්ෂ,රාජ්‍ය නොවන සංවිධාන මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සදහා දී ඇත්තේ කුමන සහයෝගයක් දැයි තමා ප්‍රශ්න කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ, මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දිනය වූ අද(01) දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති සමාප්ති උත්සවය අමතමිනි.

    “එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයාද මට දුරකථනයෙන් කතා කොට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණ දඩුවම දීමට මා ගත් තීරණය ගැන මගෙන් විමසුවා.මා එතුමාට මෙරටේ මත්ද්‍රව්‍ය නිසා සිදුවන විනාශය පැහැදිලි කර දුන්නා”.

    යුරෝපා සංගමය පවසා තිබෙනවා මරණ දඩුවම ක්‍රියාත්මක කළොත් ජී.එස්.පී සහනය නතර කරන බව එය ස්වාධීන රටකට කරන තර්ජනයක්.මොන තර්ජන ආවත් මම මේ තීරණය වෙනස් කරන්නේ නැතැයි ද ජනාධිපතිවරයා කීය.

    මෙහිදී තවදුරටත් කතාකළ ජනාධිපති සිරිසේන මහතා තමා පසුගිය අප්‍රේල් 3 දා තමන් පාසල් දරුවන්,රාජ්‍ය නිළධාරින් හා ව්‍යාපාරික අංශ සම්බන්ධ කරගෙන මත්ද්‍රව්‍ය විරෝධී වැඩ පිළිවෙලක් සාර්ථක ලෙස ක්‍රියාත්මත කළ බවත් එහිදී බක්මහ දිවුරුම නමින් මත්ද්‍රව්‍ය වලට එරෙහිව ප්‍රතිඥාවක්ද දුන් බවත් එහෙත් අප්‍රේල් 21 දා බෝම්බයක් සමඟ ඒ සියල්ල විනාශ වී ගිය බවත් සඳහන් කළේය.

    “ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදය අතර විශාල සම්බන්ධයක් තිබෙනවා.ඒ නිසා අප්‍රේල් 21 දා ත්‍රස්ත ප්‍රහාරයට පැහැදිලි ලෙසම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් කොහෙන් හෝ සම්බන්ධ සම්බන්ධ යැයි මා කියනවා”යැයිද ඒ මහතා තරදුරටත් කීය.

    දැනට පොලීසීය,ත්‍රස්ත විමර්ශන අංශය භාරයේ අත්අඩංගුවේ සිටින ප්‍රසිද්ධ අපරාධ කාරයින්ගේ ප්‍රකාශන වලින් කියවෙනවා මෙරටේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ දේශපාලඥයෝ කවුද කියලා ඒ නිසා දේශපාලඥයන්ගේ තිබිය යුතු තමාගේ වගකීම හා යුතුකම මෙරටේ දේශපාලඥයන්ගේ කීදෙනෙක් ඉෂ්ට කරනවාද? මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මං අනිත් ඒවා ගැන කතා කරන්නේ නැහැ.දේශපාලඥයා කියන ප්‍රතිරූපය සමාජයට යහපත් චරිතවත් විදිහට ,ආදර්ශවත් චරිතවත් විදිහට කී දෙනෙක් තමා විසින් තමාගේ පණිවිඩය සමාජයට දෙනවාද තමාගේ චරිතය තුළින් මෙම මුහුණ දෙන අභියෝග ඒක නිසා මත්ද්‍රව්‍ය විරෝධී ජාතික සතියේ අවසන් දිනය වූ අද දවසේ මෙම සියළු දෙනා හමුවීමට ලැබීම ගැන සතුටු වෙනවා.

    මත්ද්‍රව්‍ය මර්ධනයට ජීවිත පරිත්‍යාගයෙන් කැප වී සිටින පොලීසිය, එස්.ටී.එෆ්,යුධ,නාවික,ගුවන් හමුදා අංශ මෙසේ විශේෂ ස්තූතිය පිරිනමනවා.

    මෙහිදී තවදුරටත් සමුළුව ඇමතූ ජනාධිපතිවරයා පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙලේ වැදගත් කාර්යයන් පැවැරී තිබෙන බවත් තමාගේ නිවසේ කිසිවෙකු මත්ද්‍රව්‍ය ගන්නවානම්,අසල්වැසි ගෙදරක හෝ ගමේ මත්ද්‍රව්‍ය ගන්නවානම් ඒ ගැන විමසිල්ලෙන් සිටි අදාළ තැන් වලට දැනුම් දීමට ඔවුන් කටයුතු කළ යුතු බවත් කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya