අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලෙන් ජනපති ආර්යාව ආශිර්වාද ලබාගනී

    ජූලි 30, 2014
    වැල්ලවත්ත, මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ වාර්ෂික ආඬිපූරම් උත්සවය විසිහත්වැනි වරටත් අද (30) ආරම්භ කෙරුණු අතර ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය ද එම අවස්ථාවට එක්වූවාය.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහ සමස්ත රටවාසී ජනතාවට ම ආශිර්වාද පතා එහිදී විශේෂ ආගමික වාතාවත් සිදු කෙරිණි.
     
    මයුරපති ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ භාරකාර පෙරියසාමි සුන්දරලිංගම් මහතා විසින් ආගමික වාතවත් මෙහෙයවා ආශිර්වාද පළ කරන ලදී.
     
    අද ආරම්භ කෙරුණු උත්සවය අගෝස්තු 06 දක්වා පැවැත්වෙයි.
     
    අමාත්‍ය දුමින්ද දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, යුද හමුදාපති ලුතිතන් ජනරාල් දයා රත්නායක මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya