අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ, ජනපති හමුවෙයි

    ජූලි 30, 2014
    ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් හි පිහිටි ජාත්‍යන්තර අරමුදලේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය හා භූතානය නියෝජනය කරන විධායක අධ්‍යක්ෂ ආචාර්ය රාකේෂ් මොහාන් (Dr. Rakesh Mohan) අද (30) පස්වරුවේ අරලියගහ මන්දිරයේදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවිය.

     

    ශීඝ්‍ර යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රජය ගෙන තිබෙන පියවර පිළිබඳ ව අදහස දැක්වූ ආචාර්ය මොහාන් මහතා කෙටි කාලීන සංවර්ධන සැලසුම් සඳහා පමණක් සීමා නො වී මධ්‍යම හා දිගු කාලීන සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීම ඉතා ඥානාන්විත තීරණයක් බව ද පැවසීය. මෙවන් දෙයක් ඉතා කලාතුරකින් දැකිය හැකි බැවින් "මෙය දැකීමෙන් ඉතා සතුටට පත් වුණා" යැයි මොහාන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

    ශ්‍රී ලංකාව සංවර්ධන උපාය මාර්ග සැලසුම් කිරීමේදී නිරන්තරයෙන් ම දීර්ඝ කාලීන, රටේ තිරසාර සංවර්ධනයට ප්‍රමුඛත්වය දෙමින් තමා කටයුතු කරන බව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා මෙහි දී පවසා සිටියේය.

     

    කලාපීයව අවම අවම සම්බන්ධයක් පවතින ආසියානු කලාපීය සහයෝගිතා සමුළුවේ (SAARC) සහ ආසියාන් (ASEAN) කලාපීය රටවල් අතර අන්තර් සබඳතා ප්‍රවර්ධනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය බව ද ඔහු කීය.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට කලාපීයව සිදු කළ හැකි කාර්යභාරය පිළිබඳ ව අදහස් දැක්වූ ආචාර්ය මොහාන් මහතා ඔබතුමා සාර්ක් (SAARC) කලාපයේ සිටින ජ්‍යෙෂ්ඨ නායකයා යැයි පවසා සිටියේය.

     

    බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව මූලිකත්වය ගෙන කටයුතු කරන බ්‍රික්ස්  (BRICS) බැංකුව පිළිබඳ ව ද ජනාධිපතිතුමා සහ ආචාර්ය මොහාන් සාකච්ඡා කළහ. ශ්‍රී ලංකාවට බ්‍රික්ස් වෙතින් ලබා ගත හැකි වාසි පිළිබඳව ද සාකච්ඡාවේදී අවධානය යොමු විය.

     

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවඩ් කබ්රාල් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

     

    NDH/pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya