අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ආර්ථිකයේ අඳුරු යුගය නිමා කළා

    ජූලි 30, 2014
    රජයේ සංවර්ධන වැඩපිළිවෙළ නිසා රට ණය උගුලක සිර වී ආර්ථිකය කඩා වැටෙතැයි ඇතැමුන් පළ කළ අනාවැකි බොරු කරමින් ශ්‍රී ලංකා ආර්ථිකයේ අඳුරු යුගය නිමා කරන්නට වත්මන් රජයට හැකි වු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය. 
     
    රටට අතිවිශාල සංවර්ධනයක් ගෙන එන අතරම ශ්‍රී ලංකා ආර්ථිකය තිරසාර මට්ටමකට ගෙන ඒමට රජයට හැකි වු බවද පෙන්වා දුන් ජනාධිපතිතුමා වසර පහක් පිට පිටම ශ්‍රී ලංකාව 7.5%ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගෙන තිබෙන බවද පැවසීය.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ලංකා වාණිජ මණ්ඩලයේ 175වන සංවත්සර උත්සවයට සහභාගි වෙමිනි.
     
    ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ වසර සියයකට වඩා පැරණි සාමාජික ආයතනවලට ජනාධිපතිතුමා අතින් මෙහිදී ඇගයීම් තිළිණ ප්‍රදානය කෙරිණි.
     
    මෙරට ව්‍යාපාරික ප්‍රජාවගේ සුබසිද්ධිය උදෙසා කටයුතු කරන ලංකා වාණිජ මණ්ඩලය අපගේ ආර්ථිකයට ඉටුකරන වැදගත් කාර්යය භාරය ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය.
     
    ජාත්‍යන්තර මට්ටමේ මහා මාර්ග, මුළු රටම සම්බන්ධ කරන කාපට් මාර්ග, ගම්බද ප්‍රදේශවල කිලෝ මීටර් දහස් ගණනක් කොන්ක්‍රීට් මාර්ග ජීවිත කාලයටම දකින්නට හැකිවෙතැයි කිසිවෙකු නොසිතූ බවද සිහිපත් කළ ජනාධිපතිතුමා අද රටට ලැබී ඇත්තේ කිසිවෙකුට අභියෝග කළ නොහැකි සංවර්ධනයක් බවද කියා සිටියේය.
     
    එදා ලංකා වාණිජ මණ්ඩලයේ සාමාජිකයින් රජයේ නිලධාරීන් හමුවූයේ විදුලිබලය, මහා මාර්ග, වරාය, ගුවන්තොටුපොළ අවශ්‍යතා වැනි ප්‍රාථමික අවශ්‍යතා සපුරා ගැනීමට වුවත් අද ඔවුන් නිලධාරීන් හමු වී සාකච්ඡා කරන්නේ රටේ අනාගත ආර්ථික සැලසුම් පිළිබඳ ව බවද ජනාධිපතිතුමා පැවසීය.
     
    2005 දී එනම් නිදහස ලබා අවුරුදු 57කට පසු මෙරට දළ දේශීය නිෂ්පාදනය ඇමෙරිකානු ඩොලර් බිලියන 24ක් පමණි. ඒක පුද්ගල ආදායම ඩොලර් 1241ක් වැනි ඉතා පහත මට්ටමක පැවැති අතර විදුලි බලය තිබුණේ ජනතාවගෙන් 72%කට පමණි. 12%ක් වු උද්ධමනය තවත් ඉහළ යමින් පැවතුණි. විදේශ සම්පත් සති 6ක ආනයනයන්ට පමණක් ප්‍රමාණවත් විය. 
     
    විරැකියාව 7%ක් වු අතර දරිද්‍රතාව 15%ක් විය. අපේ ණය මට්ටම දේශීය නිෂ්පාදනයෙන් 91%ක් විය.
     
    ආර්ථිකයේ එම අඳුරු යුගය අවසන් කර පශ්චාත් විවෘත ආර්ථික යුගයේ දිගුම කාලයක් තුළ උද්ධමනය පහත වැටී, විනිමය අගය ස්ථාවර වී, ණය අනුපාතය පහත වැටී, මූල්‍ය හිඟය පසු බැස පංච කේන්ද්‍රීය උපාය මාර්ග තුළින් නව සහ ආකර්ෂණීය ව්‍යාපාරික අවස්ථා රාශියක් රට තුළ ඇති වු බවද ජනාධිපතිතුමා මෙහිදී ව්‍යාපාරික ප්‍රජාවට පෙන්වා දුන්නේය.
     
    2015 වන විට ඇමෙරිකානු ඩොලර් 4000ක ඒක පුද්ගල ආදායමක් ලබාගැනීමට අපට හැකිවනු ඇති බවට විශ්වාසය පළ කළ ජනාධිපතිතුමා 2020 වන විට ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 7000ක් ඉක්මවා යන රටකට සරිලන පරිදි සංවර්ධන උපාය මාර්ග සැලසුම් සකස් කිරීමට සූදානම් වන්නැයි ද ජනාධිපතිතුමා මෙහිදී ව්‍යාපාරික ප්‍රජාවට වැඩිදුරටත් පැවසීය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya