අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් පොහෝ දිනයේ අප වඩාත් අවධානය යොමු කළ යුත්තේ එකී සත්‍ය ධර්මයේ ගැඹුරු උත්තරීතර වටිනාකම් සමුදාය වෙතය

    ජූනි 16, 2019

    අන්තවාදී බලවේග ක්‍රියාත්මක වන මෙබදු වකවානුවක අප වඩ වඩාත් ධර්මාලෝකය ලබමින්, මනුෂ්‍යත්වය ගොඩනැංවීමට අත්වැල් බැඳ ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය පොසොන් පොහොය දින පණිවිඩය මගින් සඳහන් කරයි.

    එම නිවේදනය මෙසේය,

    යම්කිසි රටකට, ජන සමාජයකට සංක්‍රමණය වන ධර්ම මාර්ගයක් එකී ජන සමාජය නවතාවයට පත් කරමින්, සමාජ, සංස්කෘතික, දේශපාලන යන සෑම ක්ෂේත්‍රයකම ප්‍රගතිශීලී වෙනසක් ඇති කිරීම පිළිබඳ ලෝක ඉතිහාසයේ අගනා නිදසුනක් ලෙස බුදු දහම ශ්‍රී ලංකාව තුළ ස්ථාපිතවීමෙන් ඇති වූ සමාජ පුනරුදය දැක්විය හැකිය.

    සත්‍ය ධර්මය ජන සමාජයක නිදන්ගතවීමට ආක්‍රමණ, හිංසන හෝ ප්‍රචණ්ඩත්වය අවශ්‍ය නොවන බවට බුදු දහම අප රට තුළ ස්ථාපිත වූ ආකාරයෙන් මනාව පැහැදිලි වේ. අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේ ලක් දේශයට වැඩම කළේ, බුදුන් වහන්සේ පෙන්වා දුන් සදහම් මාර්ගය අවබෝධ කර ගැනීමට හැකි ජන සමාජයක් මෙහි සිටින බවට පැවැති පැහැදිලි අවබෝධයෙනි.

    මේ උතුම් වූ පොසොන් පොහෝ දිනයේ අප වඩාත් අවධානය යොමු කළ යුත්තේ එකී සත්‍ය ධර්මයේ ගැඹුරු උත්තරීතර වටිනාකම් සමුදාය වෙතය. බාහිර වත්පිළිවෙත් තුළින් නොව සැබෑ දහම් හරයෙන් අප ජීවිත පොහොසත් කර ගනිමු. පරමාදර්ශීව අන්‍ය ආගම් සහ සංස්කෘතීන්ට ගරු කරමින් සහජීවනයෙන් ජීවත් වෙමු. ඒ සඳහා සැම සිත් පහන් වේවායි මේ උතුම් වූ පොසොන් පොහොය දිනයේ ප්‍රාර්ථනා කරමි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya