අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ගෞරවණීය තීන්දුවකට එළැඹෙන බව ජනපති පවසයි

    ජූනි 20, 2019

    ඉදිරි ජනාධිපතිවරණයේ දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස පක්ෂයට හෝ පාක්ෂිකයින්ට කිසිදු අසාධාරණයක් සිදු නොවන සහ කිසිවෙකු අසීරුතාවයට පත් නොවන ගෞරවණීය තීන්දුවකට එළැඹෙන බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරියන් සමඟ (19) පෙරවරුවේ කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති හමුවක දී ය.
    දිවයිනම නියෝජනය කරමින් මන්ත්‍රීවරියන් හමුවට එක්ව සිටි අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළේ දී කාන්තා පෙරමුණ වඩා ශක්තිමත් කරමින් එහි සක්‍රීය දායකත්වය පක්ෂය වෙනුවෙන් ලබා ගැනීම පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ලෙස සියලුදෙනාට සතුටුවිය හැකි ශක්තිමත් දේශපාලන වැඩපිළිවෙළක් ඔස්සේ පක්ෂයේ කටයුතු ඉදිරියට මෙහෙයවන බවයි.

    මේ රටේ පොදු ජනතාවගේ මෙන්ම මව්වරුන්ගේ පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරිමේ දී කාන්තා නියෝජිතවරියන්ට සුවිශේෂි වගකීමක් පැවරෙන අතර වත්මන් සමාජමය තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් යහපත් සමාජයක් සහ රටක් ගොඩනැගීමට සිය සක්‍රීය දායකත්වය ලබාදීම එම සියලුදෙනාගේ වගකීම බව ද කියා සිටියේ ය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ද අදහස් දැක්වීය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාෆා, ලසන්ත අලගියවන්න, තිලංග සුමතිපාල, ශාන්ත බණ්ඩාර, ආරියවතී ගලප්පත්ති යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිහු රැසක් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රිකා ද සොයිසා, නියෝජ්‍ය සභාපතිනි සුමිත්‍රා ප්‍රියංගනී අබේවීර යන මහත්ම මහත්මින් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකාවන් රැසක් මෙම හමුවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya