අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කතරගම විපක්ෂ නායක ජනපති හමු වී සහය පළ කරයි

    ජූලි 29, 2014
    එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙකු වශයෙන් වසර 25ක් පුරා කටයුතු කළ කතරගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අශෝක වික්‍රමසිංහ මහතා රට සංවර්ධනය කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළ අගය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය පළ කොට ඇත.
     
    කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් වසර 19ක් කටයුතු කර ඇති වික්‍රමසිංහ මහතා ඊයේ (28) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමුවී මෙලෙස සහය පළ කළේය.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මඟපෙන්වීම මත ඌව පළාතේ සංවර්ධනය උදෙසා හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ගෙන ගිය වැඩපිළිවෙළ ද අගය කළ අශෝක වික්‍රමසිංහ මහතා එම වැඩපිළිවෙළ ශක්තිමත් ව ඉදිරියට ගෙන යාම සඳහා දායකවීමට තමා තීරණය කළ බවද පැවසීය.
     
    ඒ අනුව එළඹෙන ඌව පළාත් සභා මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විජයග්‍රහණය තහවුරු කිරීමට කැපවී කටයුතු කරන බවට ද ප්‍රතිඥා දුන්නේය.
     
    1991 වසරේ සිට 2010 දක්වා කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අශෝක වික්‍රමසිංහ මහතා 2010 වසරේ සිට මේ දක්වා එහි විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළේය.
     
    ඒ මහතා ජනාධිපතිතුමා හමු වු අවස්ථාවට ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya