අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හොඳ දේට විරුද්ධවන අයගේ මත ඉතිහාසගත වන්නේ නැහැ

    ජූලි 29, 2014
    කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපන පනත ගෙන එන විට එදා ඊට විරුද්ධ වු අය වත්මන් රජය නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ගෙන යන දැවැන්ත 
    වැඩපිළිවෙළට ද විරුද්ධ වෙමින් සිටින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.
     
    ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා ඇතුළු ප්‍රගතිශීලි පිරිසක් එදා නිදහස් අධ්‍යාපන පනත වෙනුවෙන් පෙනී සිට එය සම්මත කර ගැනීමට කැපවු ආකාරය ද සිහිපත් කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එවන් පරපුරකින් පැවත එන තමා රටේ රටේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කිරීමට සැමදා කැපවී සිටින බවද අවධාරණය කළේය.
     
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව පැවසුවේ දුෂ්කර හා අතිදුෂ්කර පාසල් සිසු දරුවන් සඳහා ප්‍රථම වරට පාවහන් හා අතිරේක නිල ඇඳුම් 
    කට්ටලයක් ලබාදීම  වෙනුවෙන් ඊයේ (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජාතික මහෝස්ත්වයට එක්වෙමිනි.
     
    අඩු පහසුකම් ඇති ප්‍රදේශවල ජීවත් වන දරුවන්ට වසර මැද දී තවත් පාසල් නිල ඇඳුමක් සහ පාවහන් යුගලයක් නොමිලේ ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2013 අයවැය තුළින් කරන ල යෝජනාවක් පරිදි අධ්‍යාපන සේවා අමාත්‍යංශය විසින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවනු ලැබිණි.
     
    එදා ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගන්නා විට එයට විරුද්ධව කතා කරපු අය පැවසූ කිසිවක් අද වලංගු නොවන බවද මෙහිදී පෙන්වාදුන් ජනාධිපතිතුමා හොඳ දේට විරුද්ධවන අයගේ මතවාද කිසිදා කොතනකවත් ඉතිහාසගත නොවන බවද කියා සිටියේය. රටට අවශ්‍ය වන්නේ හොඳ දේ කරන රටට ආදරය කරන දරු පිරිසක් බවද පැවසු ජනාධිපතිතුමා අපෙන් මොනවාද රටට ලැබිය යුත්තේ යන සිතුවිල්ල සෑම දරුවෙක් තුළ ම ඇති කළ යුතු බවද කියා සිටියේය. කවුරුන් හෝ රටට, සමාජයට හොඳක් කරන විට ඊට බාධා නොකර ආශිර්වාද කිරීම සියලුදෙනාගේ යුතුකම බවද පැවසූ ජනාධිපතිතුමා රටට අවශ්‍ය වන්නේ එවන් උදාර පුරවැසියන් බවද කියා සිටියේය.
     
    මෙරට නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීමට රජය දැවැන්ත වැඩකොටසක් ඉටුකළ බව සිහිපත් කළ ජනාධිපතිතුමා අද වන විට රටට මෙන්ම දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතාවයනුත් වෙනස් වී ඇති ආකාරය ද පෙන්වා දුන්නේය. විද්‍යාගාර සහ අනෙකුත් සියලු පහසුකම් සහිත මහින්දෝදය ද්වීතියක පාසල් 1000ක් ගොඩනැගීම, ළමා මිතුරු ප්‍රවේශය අනුව ප්‍රාථමික පාසල් 5000ක් සංවර්ධනය කිරීම, 2013 වසරේ දී පාසල් 250ක උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාව ඉගැන්වීම ආරම්භ කිරීම, විද්‍යාව විෂය ධාරාව ඉගැන්වීමට අලුතින් පාසල් 150ක් ආරම්භ කිරීම, 2005 වසරේ සිට මේ වන විට ගුරුවරුන් 90,000කට අධික පිරිසක් බඳවා ගැනීම අධ්‍යාපනය වෙනුවෙන් රජය ඉටුකළ සුවිශේෂි වැඩකොටස් අතර වන බවද පෙන්වා දුන්නේය.
     
    දුෂ්කර හා හුදෙකලා පාසල් 3944ක දූ දරුවන් 6,42,292කට නොමිලේ පාවහන් හා අතිරේක නිල ඇඳුම් කට්ටල බෙදාදීම මෙම වැඩසටහන යටතේ සිදු 
    කෙරේ. මේ සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1100කි. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි සිංහල, දමිල, මුස්ලිම්, කතෝලික, හින්දු ආදී සියලු ප්‍රජාවන් නියෝජනය කරමින් සිසු සිසුවියන් 50 දෙනෙකුට සංකේතාත්මක ලෙස පාවහන් හා නිල ඇඳුම් කට්ටල බෙදාදීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු, මධ්‍යම පළත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, බස්නාහිර පළාත් 
    ප්‍රධාන ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ආර්.පී. සූරියප්පෙරුම, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක, අධ්‍යාපන සේවා අමාත්‍යංශයේ ලේකම් කාන්ති පෙරේරා මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya