මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඊදුල්-ෆීතර් උළෙලට ජනාධිපතිතුමාගේ සුභ පැතුම් පණිවුඩය

    ජූලි 29, 2014
    අද දින ඊදුල්-ෆීතර් උත්සවය සමරන ඉස්ලාම් බැතිමතුන් වෙත මා මෙම සුබපැතුම් පණිවුඩය එවන්නේ ඉමහත් සතුටිනි.
     
    ඉස්ලාම් දහමේ සම්ප්‍රදායට අනුව යමින් භක්තිමත් උපවාසය සහ වෙනත් ආගමික වතාවත්වල යෙදීමේ සුවිශේෂී කාලය සම්පූර්ණ කිරීම සැමරීමට ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව අද ලොව පුරා සිටින ඉස්ලාම් සහෝදර සහෝදරියන් සමග එක්වෙති. ශුද්ධ වු කුරානයේ හා ශුද්ධ වු මුහම්මද්තුමාගේ ඉගැන්වීම්වලට අනුව යමින් ආගමානුකූල උපවාසයේ යෙදීම, අධ්‍යාත්මික වටිනාකම්වලට ගැඹුරින් අවධානය යොමු කිරීම, යාඥාව හා කැපවීම වැනි ආගමික පිළිවෙත්හි යෙදෙන ශුද්ධ වූ මාසයක අවසානය වන මේ අවස්ථාව උත්සව පැවැත්වීමේ කාලයයි.
     
    ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනයා සියවස් ගණනාවක් පුරා අපේ රටේ අනෙක් ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන් සමග සමගියෙන් ජීවත් වු ආකාරයට පසුගිය මාසයේ මෙම පිළිවෙත්හි නියැළුණහ. අද රටේ පවත්නා සාමකාමී වතාවරණය ඔවුන්ට සිය ආගමික කටයුතුවල පහසු ලෙස නියැළීමට උපකාරී වී ඇති අතර සමාජයේ අභිවෘද්ධිය සහ රටේ සංවර්ධනය උදෙසා එය තවත් ස්ථාවර කිරීමට අප කැප විය යුතුය.
     
    එකමුතුබවේ හා අවබෝධයේ සංස්කෘතියක් තුළ ශ්‍රී ලංකාවේ අභිවෘද්ධියට මුස්ලිම් ප්‍රජාවේ අගනා දායකත්වය මේ අවස්ථාවේ සිහිපත් කරන අපි රටේ අනාගත ප්‍රගතිය සඳහා එවැනි යහපත් සබඳතාවන් දිගට ම පවත්වාගෙන යාමට බලාපොරොත්තුව සිටිමු.
     
    ශ්‍රී ලංකාවේ සියලු ඉස්ලාම් බැතිමතුන්ට ප්‍රීතිමත් ඊදුල්-ෆීතර් උත්සවයක් වේවායි මම ප්‍රාර්ථනා කරමි!
     
    ඊද්-මුබාරක්!
     
    මහින්ද රාජපක්ෂ
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya