මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපාන රාජ්‍ය අමාත්‍ය කසුයෝෂි අකබා හා ජනපති අතර හමුවක්

    ජූලි 28, 2014

    ජපාන ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයෝෂි අකබා  (Kazuyoshi Akaba) මහතා අද (28) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු විය.


    දෙරටේ ආර්ථික සහ වෙළෙඳ සබඳතා වැඩිදියුණු කිරීම, සාකච්ඡා කිරීම හමුවේ ප්‍රධාන අරමුණ විය.


    "ජපාන නව ආයෝජකයන් ශ්‍රී ලංකාවට පැමිණෙනු දැකීමට අප කැමතියි" යනුවෙන් ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.


    ජපානයේ ක්‍රියාත්මක මිලියන සංඛ්‍යාත සමාගම් අතුරින් 90%කටත් වැඩි ප්‍රමාණයක් කුඩා හා මධ්‍යම පරිමාණයේ ඒවා වන බව පැවසූ අකබා මහතා නව ආයෝජන සඳහා වෙළෙඳපොළ අවස්ථා සොයමින් සිටින ඔවුන්ට ශ්‍රී ලංකාව හොඳ අවස්ථාවක් වනු ඇති බව ද කීය. හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපොළ වැනි උපාය මාර්ගිකව පිහිටා ඇති යටිතල පහසුකම්, ආයෝජකයන් සඳහා අමතර වාසියක් වනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.


    "ශ්‍රී ලංකාව සහ මියන්මාරය වැනි රටවලට දියුණුවීමට හැකියාව ඇති බව මා දැඩිව විශ්වාස කරමි" යැයි අමාත්‍යවරයා පැවසීය.


    ශ්‍රී ලංකාවට පැමිණි ආයෝජකයන්ට ඔවුන් සිතුවාටත් වඩා දිවයිනේ ආයෝජන සඳහා ඇති පරිසරයේ දියුණුව දැනී ඇති බව ද ඒ මහතා සඳහන් කළේය. "ශ්‍රී ලංකාව මධ්‍ය හා දීර්ඝ කාලීන වර්ධනයකට ඉතා ඉහළ හැකියාවක් දක්වයි" යනුවෙන් ද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.


    සංඛ්‍යාංක විකාශනය (digital broadcasting) සහ සංචාරක කර්මාන්තය යන ක්ෂේත්‍රවල දී ශ්‍රී ලංකාවට සහය ලබා දීමට ජපානයේ කැමැත්ත වැනි අනෙකුත් මාතෘකා ද මෙහිදී සාකච්ඡාවට ලක්විය. ශ්‍රී ලංකාවට ජපානයෙන් පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය ඉහළ යමින් පවතින බවත් ශ්‍රී ලංකාව, ජපන් සංචාරකයන් අතර ජනප්‍රිය වෙමින් පවතින බවත් අමාත්‍ය අකබා පැවසීය.


    ජාත්‍යන්තරයේ දී ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහය පිළිබඳව ජනාධිපතිතුමා ජපානයට ස්තූතිය පළ කළ අතර පසුගිය වසරේ මාර්තු මස සිදු වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජපාන සංචාරය සහ ජනාධිපතිතුමා සහ ජපාන අගමැති ශින්සෝ අබේ (Shinzo Abe) මැතිතුමා අතර පැවති සාකච්ඡා හේතුවෙන් දෙරට අතර සබඳතා අලුත් කර ගත හැකිවූ බවත්, ඒ මඟින් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට කටයුතු කළ හැකි වූ බවත් අමාත්‍යවරයා පැවසීය.


    ශ්‍රී ලංකාවේ ජපාන තනාපති නොබුහිතෝ හොබෝ (Nobuhito Hobo) මහතා සහ නිලධාරීන් පිරිසක් ඇමතිවරයා සමඟ සාකච්ඡාවට එක්ව සිටියහ.


    විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ක්ෂේණුකා සෙනෙවිරත්න මහත්මිය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ද මේ අවස්ථාවට සහභාගී වූහ.


    NDH/pmu_pix by Sudath Silva

     

    Japans State Minister on President Rajapaksa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya