අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එතෙරට වැඩම කරවන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ජනපති අතින් භාරදෙයි

    ජූලි 28, 2014
    ශ්‍රී ලංකාවේ සිට ඇමරිකාවට හා දකුණු කොරියාවට වැඩම කරවන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා එම රටවල බෞද්ධ දූත පිරිස් වෙත භාරදීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් අද (28) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි.


    ඇමරිකාවේ මීසොරි බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය තවලම බෝධිසීහ හිමියන්ගේ සහ දකුණු කොරියාවේ සොක්වන්සා බෞද්ධ විහාරවාසී පූජ්‍ය දොඹගහවෙල දමිත හිමියන්ගේ අනුශාසනා පරිදි මේ පුණ්‍ය කටයුත්ත සංවිධානය කෙරිණි.

     

    අරලියගහ මන්දිරයට වැඩම කරවන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වෙත අරලියගහ මන්දිර පරිශ්‍රයේ බෝධීන් වහන්සේ අභියසදී ජනාධිපතිතුමා විසින් පුද පූජා පැවැත්වීමෙන් පසු බෞද්ධ දූත පිරිස් වෙත භාරදීම සිදු විය.

    NDH/pmu_pix by Chandana Perera

    02

     

     

    03

     

    04

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya